May 06, 2024

"සුභ උදෑසනක් " යනුවෙන් SMS යවා ගෙලවැලලා ගෙන

හොරතපොල ප්‍රදේශයේ නිවසක සිය කාමරයේ සාරියක් ආධාරයෙන් ගෙල වළලා ගත් 21 හැවිරිදි තරුණයෙක් අද (22) දින සියදිවි හානිකරගෙන තිබේ.

එසේ සියදිවි හානිකරගෙන ඇත්තේ දලුපත්තැව වත්තේ පදිංචිව සිටි රණතුංග මුදලිගේ ධනුෂ්ක රොෂාන් නැමති 21 හැවිරිදි තරුණයෙකි.
මරණකරු තම මව පියා විදෙස් ගතව ඇති නිසා මිත්තණිය සමඟ සිය නිවසේ සිට ඇත.
 
මරණකරුගේ ජංගම දුරකථනය දිගින් දිගටම නාදවෙනු පොලිසියේ නිරීක්ෂණයට ලක්ව එය පරික්ෂා කර බැලීමේදී ඊයේ අලුයම මරණකරු "සුභ උදෑසනක් " යන්න කෙටි පණිවිඩයෙන් පසු නැවත කෙටි පණිවිඩ යවා නොතිබුනත් පෙම්වතිය යැයි සිතිය හැකි අයෙකු දිගින් දිගටම කෙටි පණිවිඩ සහ මඟ හැරුණු ඇමතුම් ලබා දී තිබෙන බවද සඳහන්.
කෙසේ වෙතත් මොහු මෙලෙස සියදිවි හානි කරගැනීමට හේතුව මෙතක් නිශ්චිතව හඳුනාගෙන නොමැති අතර කුලියාපිටිය පොලිසිය විසින් වැඩි දුර පරීක්ෂණ කරනු ලබයි.

Rate this item
(0 votes)