May 07, 2024

නීතිය පිළිබඳ ජනතාව දැනුවත් කෙරේ

නීතිය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව අධිකරණ හා කම්කරු සබඳතා අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශය සඳහන් කළේ සෑම පුරවැසියෙකුම නීතිය පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාවට නංවා ඇති බවයි.

මෙහිදී  නීතිය පිළිබඳතොරතුරු, අධිකරණ කාර්ය පටිපාටිය, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සහ ළමා අපචාර ආදී විවිධ මාතෘකා ඔස්සේ ජනතාව දැනුවත් කිරීමට නියමිතය.

Rate this item
(0 votes)