May 07, 2024

මහින්දට සෙනඟ ඇද්ද 04 දෙනා ආණ්ඩුවෙන් ගියා - ඇමති ජෝන්

 ආණ්‌ඩුවෙන් ඉවත් වූ ඇමැතිවරු හතර දෙනාම ආණ්‌ඩුවේ වරප්‍රසාද ලබාගෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සෙනඟ ඇද්ද අය බව එජාපය පවසයි.

 එක්‌සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ඇමැති ජෝන් අමරතුංග මහතා මේ බව පැවසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඇමැති ධුර ලබාගෙන ඔහුට හොරෙන් මහින්ද රාජපක්‍ෂට මේ අය උදව් කළ බවත් ඔවුන්ට තවදුරටත් හෘදය සාක්‍ෂියට අනුව ජනාධිපතිවරයා සමග සිටීමට නොහැකි වූ  නිසා ඉවත්ව ගිය බව තමන් විශ්වාස කරන බවයි එහිදී  හෙතෙම පැවසූවේ.

මොවුන්ගේ ඉවත්වීම ආණ්‌ඩුවේ ඉදිරි ගමනට කිසිදු ආකාරයකින් බලපෑමක්‌ එල්ල නොවන බවද හෙතෙම පෙන්වා දෙයි.

පවිත්‍රා වන්නිආරච්චි, ඩිලාන් පෙරේරා, මහින්ද යාපා අබේවර්ධන හා සී.බී.රත්නායක යන ඇමතිවරු විපක්ෂ නායක කාර්යාලයේ දී ඊයේ (21) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී සිය ඉවත්වීම් පිළිබඳව දන්වා සිටියහ. 


Rate this item
(0 votes)
Last modified on Friday, 22 May 2015 14:37