May 06, 2024

ඇමතිකම් අත හරින්න වෙලාව හරි - ඒකාබද්ධ විපක්ෂය (VIDEO)

ආණ්ඩුවේ  ආමාත්‍යධුරවලින්  ඉවත්  වු  ශ්‍රි ලංකා  නිදහස්  පක්ෂ මන්ත්‍රිවරුන්  ගිය මඟ යමින්  ඇමැතිකම්  ගත්  සෙසු  පාක්ෂිකයන් හෘද සාක්ෂිය පෙන්නුම්  කළ යුතුව ඇති අතර ශ්‍රීලංනි පක්ෂයට ආදරය කරන බව පෙන්වන්න යැයි ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන්  පාර්ලිමේන්තු මන්ත්‍රී  ඩලස්  අලහප්පෙරුම මහතා  ප්‍රකාශ  කරයි.

නාරහේන්පිට අභයාරාමයේ  අද (22) ප්‍රවෘත්ති  සාකච්ඡාවකට සහභාගි  වෙමින් ඔහු එසේ  පැවසීය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ පා.ම ඩලස් අලහප්පෙරුම මහතා පැවසූවේ එජාපය විසින් නිර්මාණය කරමින් පවතින ඉදිරි අනතුර හමුවේ විපක්ෂයේ භූමිකාව නිරූපණය කරන්නට එක්වන ලෙසය.

මේ අතර වත්මන් ආණ්ඩුවේ ඇමතිකම් ගෙන සිටි ශ්‍රීලංනිප යේ සිව්දෙනා ඉන් ඉවත් වීමට ප්‍රධාන හේතුව වී තිබුණේ පළාත් සභා සම්බන්ධයේ පැන නැගුණු මතභේදාත්මක තත්ත්වය බවත් හෙතෙම පැවසීය.

වීඩියෝව පහතින් නරඹන්න..

 

Rate this item
(0 votes)
Last modified on Friday, 22 May 2015 13:38