May 07, 2024

හමුදා සෙබළුන් මත් වී පවුලක් බිලි ගනී (Photos)

මත්පැන් පානය කර අධික වේගයෙන් ධාවනය කරවූ  යුද හමුදා සුපිරි ට්‍රක් රථයක් මාර්ගයේ ගමන් කළ තවත් කාර් රථයක ගැටීමෙන් කාර් රථයේ ගමන් ගත් එකම පවුලේ මව සහ පියා ජීවිතක්ෂයට පත් විය.

පොළොන්නරුව ජයන්තිපුර, 23 කණුව ස්ථානයේදී මෙම අනතුර සිදු ව ඇත.

අනතුරින් එම පවුලේ 16 හැවිරිදි පුතා බරපතල තුවාල ලබා දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

ඊයේ (21) රාත්‍රි කාලයේදී මෙම අනතුර සිදුව ඇත්තේ යුද හමුදා ට්‍රක් රථය අධික වේගයෙන් වැරදි මංතීරුවේ ධාවනය වෙමින් තිබියදී කාර් රථය හා මුහුණට මුහුණලා ගැටීමෙනි.

වලිකන්ද යුද හමුදා කඳවුරට අයත් මෙම ට්‍රක් රථයේ, අනතුර සිදුවෙන අවස්ථාවේදී සෙබළුන් සිව් දෙනෙකු (04) ගමන් කර ඇත.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 22 May 2015 10:59