May 19, 2024

චන්ද්‍රිකාට එරෙහිව වාසු සමග විමල් අල්ලස් කොමිසමට - වසර 07කට පසු පැමිණිල්ලක් අළුත් කරයි

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට එරෙහිව ඇති අල්ලස් පැමිණිල්ලක් පිළිබඳ කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පවසා පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර හා විමල් වීරවංශ මහත්වරු අද (30) අල්ලස් කොමිසමට යළිත් සිහි කැඳවීමක් කළහ.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු පාර්ශවකරුවන් ජනපති ලෙස 7 වසරකට පෙර ජෝන් කීල්ස් සමාගමට කොළඹ වරායේ අක්කර 10 ක බිමක් නැව්වලට තෙල් සැපයීමේ කටයුතු සඳහා පෞද්ගලික අංශයට පැවරූ ආකාරය වැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දු කළත් 7 වසරක් යනතුරු නීතිපති රහස් පොලිසිය හා අල්ලස් කොමසාරිස් ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පවසා අදාල මන්ත්‍රීවරුන් අල්ලස් කොමිසමට යළිත් සිහි කැඳවීමක් කළහ.

තමා 2007දී හිටපු ජනපතිනිය ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අනුව එම ගනුදෙනුව නීති විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ බව වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඒ අනුව ජෝන් කීල්ස් සමාගමෙන් එම ඉඩම යළි පවරාගත් අතර සේවකයන්ට වන්දි ගෙවූ බවත් එහෙත් වැරදි කළඅයට මෙතෙක් දඬුවම් දී නැති බවත් එය ශ්‍රේෂ්ඨාධිකරණ නීතිය කඩකිරීමක් බවත් මන්ත්‍රීවරයා පැවසී ය.

 

Rate this item
(1 Vote)