May 19, 2024

නේපාලයේ සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයිනට

නේපාලයේ සිදුවූ භූ කම්පනයෙන් පසු පීඩාවට පත්ව සිටි තවත් ශ්‍රී  ලාංකිකයින් විසි දෙදෙනෙකු ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් අද (30) අලුයම යළි දිවයිනට පැමිණ තිබේ.

අද අලූයම 12.15ට පමණ එම ගුවන් යානය කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළ වෙත පැමිණි බවද ඒෂියන් මිරර් වාර්තාකරු පැවසී ය.

මේ අතර නේපාලයේ භූ කම්පනයෙන් පීඩාවට පත්වූ ශ්‍රී ලාංකිකයින් 42දෙනෙකු පසුගියදා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් විශේෂ යානයකින් දිවයිනට රැගෙන එනු ලැබීය. 

(ටී.කේ.ජී. කපිල)

 

Rate this item
(0 votes)