May 19, 2024

කුරුටු ගී කුරුටු ගෑ ‘උදය ශ්‍රී’ අද නිදහස්

සීගිරියේ කුරුටු ගී වලකුරුටු ගෑ නිසා වරදකාරිය වී දෙවසරක සිරදඬුවම් ලැබ ජනාධිපති සමාව යටතේ නිදහස ලැබුවත් මුදාහැරීමට ලිඛිත නියෝගයක් නොලැබීම හේතුවෙන් අනුරාධපුර බන්ධනාගාරයේ රඳවාගෙන සිටි ද්‍රවිඩ ජාතික සින්නතම්බ් උදය ශ්‍රී (27)  තරුණිය බන්ධනාගාරයෙන් අද නිදහස් කර තිබේ.

එකී තරුණියට සමාව ලබාදෙන ලෙස ඇයගේ පවු‍ලේ ඥාතීන් මෙන්ම විවිධ සමාජ ක්‍රියාකාරීන් රජයෙන් ඉල්ලීම් කර තිබිණි. ඒ අනූව පසුගිය 02 වනදා ඇයට ජනාධිපතිවරයා විසින් සමාව ලබාදීමට තීරණය කළේය. 

Rate this item
(0 votes)