May 19, 2024

ශ්‍රී ලාංකිකයින් පිරිසකට අද ද්විත්ව පුරවැසිභාවය හිමිවෙයි

ශ්‍රී ලාංකිකයින් 300ත් 400ත් අතර ප්‍රමාණයකට අද (30) ද්විත්ව පුරවැසිභාවය ලබා දෙන බව මහජන සාමය හා ක්‍රිස්තියානු කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසීය.

අද පෙරවරු 11.00ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන උත්සවයකදී මෙම ද්විත්ව පුරවැසිභාවය ලබා දෙන බව ඇමතිවරයා පැවසී ය.

පසුගිය රජය සමයේ ද්විත්ව පුරවැසිභාවය ලබා දීම නවතා දමා තිබූ බවට පැවසුවත් මුදලට ද්විත්ව පුරවැසිභාවය ලබා දුන් බව ද ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බව ද හෙතෙම සඳහන් කළේ ය.

මේ සම්බන්ධයෙන් අප ආගමන විගමන පාලක එම්.එන් රණසිංහ මහතාගෙන් කළ විමසීමකදී පැවසූවේ ශ්‍රී ලාංකිකයින් පිරිසකට අද කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ද්විත්ව පුරවැසිභාවය ලබා දෙන බවයි.

 

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 30 April 2015 12:18