May 01, 2024

හොර අරක්කු පෙරන පුද්ගලයින්ට එරෙහිව දැඩි දඬුවම් - නීති අළුත් වෙයි

දිවයිනේ ග‍්‍රාමීය ප‍්‍රදේශ ඇතුලූ විවිධ ප‍්‍රදේශවල සීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වන නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය හා අලෙවි කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි ක‍්‍රියාමාර්ග ගනිමින් පෙර වැරදි 3කට වඩා වැඩි පුද්ගලයින්ට එරෙහිව දඩ මුදල් වෙනුවට සිර දඬුවම් ලබා දීමට අධිකරණ අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් හා අධිකරණ හා කම්කරු සබඳතා අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් ක‍්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය නිවාරණ ඒකාබද්ධ මෙහෙයුම් කමිටුවේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ මැදිහත්වීම මත සමාජයට දැඩි බලපෑමක් සිදු වී ඇති කසිප්පු, ගංජා, රා වැනි මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීම සඳහා පූර්ව වැරදි 03 කට වඩා වැඩි නීති විරෝධී මත්පැන් නිෂ්පාදකයින්ට අලෙවිකරුවන්ට දැඩි දඬුවම් ලබා දීමට මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුව තීරණය කර ඇත.

ඒ සඳහා අධිකරණ අමාත්‍යවරයා අනුමැතිය ලැබීමෙන් පසු අදාළ නීති ලබා සංශෝධනය කරමින් දඬුවම් ලබා දීමට පියවර ගැනීමට අධිකරණ හා කම්කරු සබඳතා අමාත්‍යාංශය නියමිතය.

අතිරේක සොලිසිටර් ජෙනරාල් සරත් ජයමාන මහතාගේ උපදෙස් පරිදි අදාළ නෛතික ප‍්‍රතිපාදන සකස් කර ඉදිරියේ දී මෙම නීති විරෝධී මත්පැන් අලෙවිකරුවන්ට එරෙහිව නීතිය තදින් ක‍්‍රියාත්මක කිරීමට අධිකරණ හා කම්කරු සබඳතා අමාත්‍යාංශය අවශ්‍ය සංශෝධන ගෙන ඒමට අපේක්ෂා කරයි.

අද (10) පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශයේ පැවැති මත්ද්‍රව්‍ය නිවාරණ ඒකාබද්ධ මෙහෙයුම් කමිටුව පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්, අතිරේක සොලිසිටර් ජෙනරාල් කමල් ජයමාන්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් පුෂ්පකුමාර ඇතුලූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Rate this item
(0 votes)