May 01, 2024

පොදුරඳ මඩුළු සැමරුම් දින උළෙලට ජනපති එක්වෙයි (PHOTOS)

පොදු රාජ්‍ය මණ්ඩලීය සැමරුම් දින උළෙල බ්‍රිතාන්‍ය මහ රැජිණ, චාල්ස් කුමරු, විලියම් කුමරු ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් ඊයේ (09) පස්වරුවේ මැල්බොරෝන් පොදු රාජ්‍ය මණ්ඩලීය මූලස්ථානයේ පැවැත්වුණු අතර එම අවස්ථාවේ විශේෂ ආරාධිතයෙකු ලෙස පොදු රාජ්‍ය මණ්ඩලයේ වත්මන් සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිස්න මහතාද එක් විය.

පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් කමලේෂ් ෂර්මා මහතා සහ 2015 පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපති ලෙස තේරි පත්වන මෝල්ටා රාජ්‍යයේ නායකායද මෙම අවස්ථාවට එක් වූහ.

මැල්බොරෝන් පොදු රාජ්‍ය මණ්ඩලීය මූලස්ථානය වෙත පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජයන්ති සිරිසේන මහත්මිය ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස එරට රජය වෙනුවෙන් ඉතා ගෞරවයෙන් පිළිගැනිණි.

මේ අතර පොදු රාජ්‍ය මණ්ඩලයේ සැමරුම් දින උළෙල වෙනුවෙන් පවත්වන ලද විශේෂ දේව මෙහෙය ඊයේ පෙරවරුවේ වෙස්ට් මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී පැවැත්වුණු අතර ජනාධිපතිවරයා සහ එම මහත්මියද එම අවස්ථාවටද සහභාගී වූහ.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 10 March 2015 15:42