May 01, 2024

ඉදිරි ඡන්දෙට බොදුබලේ ගාව ගන්නේ නැහැ - මන්ත්‍රී අමරවීර

එළඹෙන මහ මැතිවරණයකදී බොදුබල සේනා සංවිධානය ඒකාබද්ධ කරගනිමින් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නොයෙදෙන බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසා තිබේ.

අම්බලන්තොට ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව පවසා තිබේ.

බොදුබල සේනා සංවිධානයේ ඇතැම් ක්‍රියාකාරකම් හේතුවෙන් පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපතිවරයාට ඡන්ද විශාල ප්‍රමාණයක් අහිමි වු බවත් එහිදී සඳහන් කර ඇත.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු පිරිසක් ද ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්වීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 

Rate this item
(0 votes)