May 01, 2024

ඉදිරි මැතිවරණයට මම සූදානම් - ෆයිසර් මුස්තාපා

ෆයිසර් මුස්තාපා මහතා රාජ්‍ය ඇමති ලෙස දිවුරුම් දෙන අවස්ථාවේදී ඊට උඩින් කැබිනට් ඇමතිවරයෙකු නොසිටි බව පවසයි. තමන්රාජ්‍ය ඇමති ලෙස පත් වූවාට පසු අර්ජුන රණතුංග මහතා කැබිනට් ඇමති ලෙස පත් වූ බවද පෙන්වා දෙයි.

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ඇති ඕනෑම මන්ත්‍රී වරයෙකුට ගැසට් පත්‍රයක් මගින් ආයතන හෝ විෂය පථය ගැසට් කර දන්වන නමුත් රාජ්‍ය ඇමතිගේ විෂය පථය සම්බන්ධයෙන් ගැසට් පත්‍රයක් නිකුත් නොවූ බවද හෙතෙම සඳහන් කරයි.

ඒ  හේතුවෙන් තමාට මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට සිදු වූ බවත් හෘදසාක්ෂියට එකඟව කැබිනට් ඇමති අරජුන රණතුංග මහතා සමඟ ඝට්ටනයකට නොයා තමාගේ ලිපිය භාර දුන් බවයි හෙතෙම සඳහන් කර ඇත්තේ.

තමාට කැබිනට් ඇමතිධූරයක් ලැබේවි යනුවෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුස්ලිම් පාක්ෂිකයන් බලාපොරොත්තු වී සිටි බවත් ෆයිසර් මුස්තාපා මහතා ‘අද’පුවත් පතත් සමග පැවැත් වූ සාකච්ඡාවකදී සඳහන් කර තිබේ.

මේ අතර තමා ඉදිරි මැතිවරණයේදී අනිවාර්යෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කරන බවත් පෙන්වා දෙයි. තමා සුළු ජාතීන් අතර ලාංකික චින්තනයකින් හිතන සහ ක්‍රියාකරන දේශපාලඥයෙක් බවත් පෙන්වා දෙයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 10 March 2015 12:55