May 01, 2024

ජෙයකුමාරි ඇප මත නිදහස්

කොටි සංවිධානය යළිත් නගා සිටුවීමට උත්සාහ කළැයි සැකපිට අත්අඩංගුවට ගත් බාලචන්ද්‍රන් ජෙයකුමාරිට ඇප මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය අද (10) නියෝග කළාය.

ඒ අනුව රුපියල් දෙලක්ෂයක ශරීර ඇප මත බාලචන්ද්‍රන් ජයකුමාර් නිදහස් කර ඇත.

ගෝපි නම් කොටි සාමාජිකයකුට රැකවරණය දුන්නැයි ඇය අත් අඩංගුවට ගෙන තිබිණි. ඇයටද පද්මාවතී මහලිංගම් නම් කතද ඇතුළු තවත් අට දෙනෙක් නීතිපති උපදෙස් මත දැඩි කොන්දේසි සහිත ඇප ලබා තිබේ.

ඔවුන්ගේ විදේශ ගමන්ද තහනම් කරමින් අධිකරණය නියෝගයක් නිකුත් කර ඇත.

වසරකට ආසන්න කාලයක් රැඳවුම් නියෝග මත වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින බාලේන්ද්‍රන් ජයකුමාරිට එරෙහිව චෝදනා ඇත්නම් ගොනු කරන ලෙස සහ එසේ නොමැති නම් ඇය නිදහස් කරන ලෙස කැෆේ සංවිධානය සහ ශ්‍රිලංකා මානව හිමිකම් කේන්ද්‍රය  රජයෙන් ඉල්ලයි.

පොලිසියට අවශ්‍ය සැකකරුවෙකුට රැකවරණ ලබාදුන්නේය යන චෝදනා මත සැක පිට ජෙයකුමාරි සහ විපූශිකා 2014 මාර්තු 13 වැනිදා කිලිනොච්ච්යේදී අත් අඩංගුවට ගෙන තිබිණි.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 10 March 2015 13:09