May 01, 2024

අල්ලස් කොමිසමට අධික පැමිණිලි නිසා තවත් 16 ක් වැඩට ගනී

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විමර්ශන කටයුතු සඳහා හෙට සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් නිලධාරීන් 16 දෙනෙකු අනුයුක්ත කිරීමට පියවර ගෙන තිබේ.

ඒ පවත්නා නිලධාරී හිඟයට පිළියමක් ලෙස බවයි වාර්තා වෙන්නේ. අල්ලස් කොමිසමට මෑතකදී ලැබුණු පැමිණිලි ගැන විමර්ශනය කිරීමේදී නිලධාරී හිඟයක් ඇති බව දිගින් දිගටම අනාවරණය විය.

වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවසුවේ ඒ අනූව ප්‍රධාන පොලිස් පරික්ෂකවරයෙක්, පොලිස් පරීක්ෂකවරුන් 9 ක් හා උප පොලිස් පරීක්ෂකවරුන් 6 ක් එසේ අනුයුක්ත කිරීමට තීරණය වී ඇති බවයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 10 March 2015 12:11