May 01, 2024

ජනපති මෛත්‍රීට විරෝධය පා බ්‍රිතාන්‍යයේ දී උද්ඝෝෂණ

බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරතවන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට විරෝධය පළ කරමින් එරට පාර්ලිමේන්තුව ඉදිරිපිට සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය කාර්යාලය ඉදිරිපිට එල්.ටී.ටී.ඊ හිතවාදීන් පිරිසක් උද්ඝෝෂණ පවත්වා තිබේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා ද ඉකුත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සාමාජිකයෙකු ලෙස ද්‍රවිඩ ජනයා ඝාතනයට සහය පළ කළ අයෙකු යැයි විරෝධතාකරුවන් පවසා ඇත.

ගෝලීය දෙමළ සංවිධානය විසින් ඊයේ මෙම විරෝධතා පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ සඳහා ද්‍රවිඩ තරුණයින් පිරිසක්ද සම්බන්ධ වී සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉකුත් මහින්ද රාජපක්ෂ රජයෙන් මෙන්ම වත්මන් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රජයෙන් ද යුද ගැටුම් හේතුවෙන් පීඩාවට පත්වූ ද්‍රවිඩ ජනතාවට සහනයක් නොලැබෙන බව කියමින් ඔවුන් විරෝධතා දක්වා තිබේ.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද බ්‍රිතාන්‍යයේ සංචාරය කළ අවස්ථාවේදී මේ ආකාරයටම එල්.ටී.ටී.ඊ හිතවාදී  කණ්ඩායම් විසින් විරෝධතා පවත්වා තිබුණි.

 

Rate this item
(0 votes)