April 30, 2024

වින්දිතයන් ආරක්ෂා කරන පනත 19 වැනිදා පාර්ලිමේන්තුවට

February 16, 2015

නඩුවල සාක්ෂිකරුවන් හා අපරාධ වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත ලබන 19 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අධිකරණ හා කම්කරු සබඳතා අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ. නඩුවල සාක්ෂිකරුවන්, අපරාධ වින්දිතයන්, ඔවුන්ගේ ඥාතීන් හා සමීපතමයින් වෙත රැකවරණය දීමේ අරමුණින් මෙම පනත ඉදිරිපත් කරන බව සඳහන්.

ඉතිහාසයේ පළමුවරට සාක්ෂිකරුවන් ආරක්ෂා කරගැනීම සඳහා මෙම පනත ඉදිරිපත් කරන බවත් ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව මෙම පනත සකස් කරන බවත් අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

සාක්ෂිකරුවන්ගේ වගකීම් මෙන්ම අයිතිවාසිකම් නීතිය මගින් සුරැකීමේ යාන්ත්‍රණය ස්ථාපිත කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බවද අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත මගින් ඒ සඳහා ජාතික අධිකාරියක් පිහිටුවීමට පියවර ගන්නා බවත් එම අධිකාරියේ සාමාජිකයන් ලෙස අධිකරණ ඇමති, අධිකරණ අමාත්‍යාංශ ලේකම්, අතිරේක ලේකම්, මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුව භාර ලේකම්වරයෙකුද පත් කිරීමට අදහස් කරන බවත් විජේදාස රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Rate this item
(0 votes)