April 30, 2024

දෙනියායේ 748 දෙනෙකුට අනන්‍යතා සහතික

February 16, 2015

ජාතික හැඳුනුම්පත් හෝ වෙනත් අනන්‍යතා සහතික නොමැති පුද්ගලයින්හට පහසුකම් සැළසීමේ අරමුණින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, කැෆේ සංවිධානය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය එක් ව මාතර දිස්ත්‍රික් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාෂ 02 ක පැවැත් වූ ජංගම සේවාවේ දී  පුද්ගලයින් 748 දෙනෙකුට සේවා සපයා තිබේ.

ඉකුත් 14 වැනි දා සහ 15 වැනි දා යන දිනවල මාතර දිස්ත්‍රික් කොටපොල සහ පිටබැද්දර ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල දී මෙම ජංගම සේවය  පැවැත් විය.

 කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාෂයේ ග්‍රාම නිලධාරී වසම් 37 ක ජනතාවට සේවා සැපයූ අතර පිටබැද්දර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාෂයේ ග්‍රාම නිලධාරී වසම් 40 ක ජනතාවට ජාතික හැඳුනුම්පත් ඇතුළු අනන්‍යතා සහතික ලබා දී ඇත.

මෙහි දී ඡායාරූප ලබා ගැනීම, පොලිස් සහතික ලබාගැනීම, උප්පැන්න පිටපත් ලබා ගැනීම ආදී සියළු කටයුතු සඳහාවන වියදම ශ්‍රිලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් දරණු ලැබී ය.

 

Rate this item
(0 votes)