April 30, 2024

හිටපු ජනපතිගේ ‘මුක්තිය’ අවසන් - නීතියෙන් දඩුවම් දිය හැකියි

February 16, 2015

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිට තිබෙන මුක්තිය නිසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නීතියෙන් බේරෙන්න හැකි බවට ඇතැමුන් අදහස් පළ කළත් ඔහුගේ මුක්තිය අවසන් වී ඇති නිසා ඔහු කළ ඕනෑම වරදකට නීතිය ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇතැයි අධිකරණ සහ කම්කරු ඇමති ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

මෙම තත්ත්වය පැහැදිලිව නිර්වචනය වී ඇතැයි පවසන අධිකරණ ඇමැතිවරයා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනිය සම්බන්ධ වෝටර්ස් ඒජ් නඩුවේ තීන්දුව එයට පූර්වාදර්ශ සපයා ඇතැයිද පවසයි.

දූෂිත පුද්ගලයින්ට දඬුවම් කිරීම සඳහා අල්ලස් හෝ දූෂණ කොමිසමට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෙනම පරීක්ෂණයක් සිදුකරන බව සඳහන් කරන අධිකරණ ඇමැතිවරයා එයට අමතරව මහාපරිමාණ සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම සඳහා වෙනම අංශයක් අලුතින් ඇති කරන බව ද සඳහන් කරයි.

අදාළ කටයුතුවලට අමතරව විශාල මුදල් අක්‍රමිකතා මෙන්ම ජනතා මුදල් නාස්ති කළ අවස්ථා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරන බවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 16 February 2015 09:44