April 30, 2024

ලංගමය අයාලේ යයි - වෘත්තිය සමිති නව සභාපතිවරයෙකු ඉල්ලයි

February 16, 2015

දැනට සිදුවෙමින් පවතින අවිධිමත් ක්‍රියාවලිය හේතුවෙන් ශ්‍රී ලංගමය අයාලේ යෑම වැළැක්වීමට වහාම නව සභාපතිවරයෙක් පත් කරන්නැයි සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගෙන් ලිපියක් මගින් ඉල්ලා ඇත.

ශ්‍රී ලංගමය තුළ යහපාලනය උදාකිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ගයන් පිළිබඳ කතිකා කිරීමට සියලුම වෘත්තීය සමිති සමඟ සාකච්ඡාවක් ලබා දෙන ලෙස අභ්‍යන්තර ප්‍රවාහන ඇමැතිවරයාගෙන් 2015.01.21 වැනි දින සංගමය විසින් ලිඛිතව ඉල්ලා සිටියද එම ඉල්ලීම ඉටු කිරීමට අභ්‍යන්තර ප්‍රවාහන ඇමැතිවරයා මෙතෙක් නම්‍යශීලී වී නොමැති බවද එම ලිපියෙහි වැඩි දුරටත් සඳහන් වේ.

Rate this item
(0 votes)