April 26, 2024

මුහුදට එහා ලෝකයක් දුටු සීල් මත්ස්‍යයා

December 24, 2014
තම රංචුවෙන් අතරමං වී මුහුදු වෙරල තරණය කර ඇල මාර්ගයක් ඔස්සේ කිලෝ මීටර් තිහකට අධික දුරක් ගොඩබිමට පැමිණි සීල් මත්ස්‍යයෙකු පිළිබඳව උතුරු එංගලන්තයෙන් වාර්තා වෙයි.
මෙම සීල් මත්ස්‍යයා තෘණ භූමියක සිටියදී සත්ව ආරක්ෂණ කණ්ඩායමක් විසින් ආරක්‍ෂිත ස්ථානයක් කරා ගෙන යන ලදී.
 
ආරක්‍ෂිත ස්ථානයක් කරා ගෙන යාම සඳහා සීල් මත්ස්‍යයා අල්ලා ගැනීමට පොලීසිය, ගිනි නිවන හමුදාව මෙන්ම බේරා ගැනීමේ නිලධාරීහු ද එක්වූහ.
මර්සිසයිඩ් (Merseyside) පළාතේ, සුනඛයකු සමඟ ඇවිදිමින් සිටි පුද්ගලයකු මුලින්ම සීල් මත්ස්‍යයා දැක ඒ බව පොලීසියට දන්වා තිබේ.
 
සීල් මත්ස්‍යයා මුහුදේ සිට මර්සි ගංගාව ඔස්සේ කිලෝ මීටර් 32 ක් පමණ විත් අතරමංවී ඇති බවට විශ්වාස කෙරේ.
 
මුහුදේ සිට මෙතරම් දුරක් සීල් මත්සයෙකු ගොඩ බිම කරා ගමන් කිරීම ඉතා දුර්ලභ අවස්තාවක් බවයි වාර්තා වන්නේ.
සීල් ගැහැණු සතෙකුට වසර තිහක සහ පිරිමි සතෙකුට වසර විස්සක ආයු කාලයක් පවතී.
Rate this item
(0 votes)