April 26, 2024

අපි හැමෝම ළඟ සැන්ටා කෙනෙක් ජිවත් වෙනවා (Video)

ලංකීකයන් වන අප සියළු දෙනාම විවිධ සංස්කෘතින් පසුපස යන 21වන සියවසේ ජිවත්වන මානව කොටසකි.

දුප්පත් පොහොසත් මධ්‍යම කියලා තුන් පන්තියකට බෙදා ඇති අයට ලොකු කතාද නැති අයට පොඩි කතාද කියලා පන්ති බේදයක් හදලා ඒ වැරැද්ද කාගේ ද කියලා දන්නේ නෑ.
තව නොබො දිනකින් ශුද්ධ වු දේව පියාණන්ගේ මහා මංලගල්‍ය උදා වෙනවා.ඒ නත්තලයි. අපිට නත්තල කිවාම උඩින්ම මතක් වෙන්නේ මොකක් ද මටනම් මතක් වෙන්නේ නත්තල් සීයාව මම දන්නවා ඔබටත් මතක් වෙන්නේ හීනෙන් එන නත්තල් සීයාව හැබැහින් දකින්න.

ඒක් පසෙකින් සෑම දේකින්ම සම්පුර්ණ වු කිසිදු අඩුපාඩුවක් නැති ඉතා ගම්භිර නත්තලක් සමරනකොට හදවතින් පමණක් නත්තල සමරන පිරිසක් ද මේ පුංචි රටේ නැතුවාම නොවේ.

මේ ඔවුන් සොයාගිය ගමනක්,

මේ පුංචි පැටව්වුන්ට හැමඳාම නත්තල් සීයා සිහිනයක් පමණයි.සිතේ පමණක් ඇති මේ නත්තල් සීයා මේ අය ළඟට එනවානම් මේ පුංචි පැටව් කොච්චර කැමති වෙයිද ?
මේ අය ඉල්ලන සැමදෙයක්ම ඔවුන් සතු කිරිමට තරම් මේ දරුවන්ගේ දෙමාපියන් පොහොසත් නැත.සුන්දර අහිංසක සිතුම් පැතුම් මේ හැමෝම ළඟ තියෙනවා.එත් ඒවා හදවතට පමණයි. සෑබැ ලෝකය තුළ මේ දරුවන් ගෙවන ජිවිතේ සරලවත් සුන්දරවත් නෑ. මේ පුංචි හදවත වලට මේ කිසිදෙයක් නොතෙරෙන්නේ සීමාවකට කොටු වී සිටින නිසායි.

මේ හදිස්සියේම ඔවුන්ට හමුවු නත්තල් සීයා කෙනෙක්,

දිනන්න,ජයගන්න යම් දවසක ඔබට මේ මුළු ලෝකයම ජයගන්න පුළුවන් සෑබැ නත්ලක් එදාට හමුවේවි.
අපි හැමෝම ළඟ සැන්ටා කෙනෙක් ජිවත් වෙනවා , ඒ වගේම අපි හැමකෙනෙක්ට සැන්ටා කෙනෙක් වෙන්නත් පුළුවන්…

Rate this item
(0 votes)
Last modified on Wednesday, 24 December 2014 10:31