May 18, 2024

"එකවුන්ට්ස් වල තියෙන ඩොලර් බිලියන ගණන් ගෙනල්ලා මිනිස්සුන්ගේ බඩගින්න නිවන්න" - දමිතාගෙන් සැර ප්‍රකාශයක්

දමිතා අබේරත්න කියලා කියන්නේ අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ, ජනප්‍රිය, ප්‍රවීන රංගන ශිල්පිනියක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්.

දශක තුනකට අධික කාලයක් මුළුල්ලේ කලා නිර්මාණ ගොන්නකින් ප්‍රේක්ෂක හදවතේ ලැඟුම් ගන්නට සමත් මේ අති දක්ෂ රංගන ශිල්පිනිය සරසවිය සම්මාන, ජනාධිපති සිනමා සම්මාන, සිග්නීස් සම්මාන, සුමති ටෙලි සම්මාන, රයිගම් ටෙලි සම්මාන ඇතුළු ජාතික මෙන්ම අන්තර්ජාතික සම්මාන උලෙළවලදී හොඳම නිළිය ඇතුළු සම්මාන ගොන්නකට හිමිකම් කියන්නියක්.

2004 වසරේදී “සුළං කිරිල්ලී” සිනමා පටයේ පෑ රංග ප්‍රතිභාව උදෙසා සරසවිය සම්මාන උලෙළේදී හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වන්නට පවා ඇයට වාසනාව හිමිවුණා.

බොහෝ අවස්ථාවන්වල දී සමාජ සත්කාර සේවාවන් වලටත් තමන්ට හැකි අයුරෙන් පෙනී සිටින ඇය නිතරම ජනතාවගේ පැත්තේ හිට ගත්තු කලාකරුවන් අතර එක්කෙනෙක්.

එනිසාම ජනතාවගේ ප්‍රශ්න ගැටළු බොහෝ දේවල් අභියස  ඇයත් සංවේදී වුණා.

ඉතින් වර්තමානය වන විට රට තුළ පවතින ව්‍යාකූල තත්වය නිසා බොහෝ කලාකරුවන් තමන්ගේ මතය ඉදිරිපත් කරන්න පාරට බැහැලා තමයි ඉන්නේ.

ඒ අතරින් බයක් සැකක් නැතුව කියන්න තියෙන දේ කෙලින්ම කියමින් තමන්ගේ අදහස ඉදිරිපත් කරන්නත් දමිතා අබේරත්න අමතක කරේ නැහැ.

බොහෝ දෙනෙක් නිහඩ වෙලා ඉන්න අවස්ථාවක කෙලින්ම රජයට දැනෙන්න කරපු ඒ කතාව පිළිබඳව ගොඩක් දෙනෙක් ඇයට ස්තුතිවන්ත වෙලා තිබුණා.

ඉතින් දමිතා අබේරත්න කියන මේ කලාකාරිනිය ඒ විදිහට හදවතට දැනෙන්න කරපු ඒ සංවේදී ප්‍රකාශය පහතින්,

” අද සුළුතරයක් ඇරුනහම අනිත් ඔක්කොම පාරට බැහැලා ඉන්නේ. මේ තමයි ජනතා පරමාධිපත්‍යය. මුලින්ම බලයට එද්දී ජනාධිපතිවරයා කිව්වා මම මගේ ෆේස්බුක් එකෙත් ඒක ශෙයා කරා කවදහරි ජනතාව එපා කිව්ව දවසට අපි යනවා කියලා. අගමැතිතුමත් ඒක කිව්වා. අද ජනතාව එපා කියනවා හැබැයි ඔයගොල්ලෝ යන්නේ නැහැ.

මොකක්ද මේ තණ්හාව ඔලුගෙඩි මාරු කර කර අදත් අලුත් නාට්‍යයක්. ආපහු තව රට කන්නද දුන්නේ මේක. ඒක නෙමෙයි අපි බලාපොරොත්තු වුණේ අපිට ඕනි ගෙදර යන්න. පිළිම හදලා වඳින්න හිටපු අය අද  කොයි තරම් පහත් තැනකට වැටිලද මේ රටේ.

ඇයි මෙහෙම වුනේ. රජකම් කළත් බලුකම්  පල දෙන දවසක් එනවා. මිනිස්සු මේ පෙන්නන්නේ අද ඒ රජා බලු වෙන දවස රජවරුන් සියලුම දෙනා බලු වෙලා. මේ රට පාලනය කරපු හැමදෙනාම පාට පක්ෂ භේදයකින් තොරව අද මේ තියෙන තත්වයට වග කියන්න ඕනි.

මේ අවුරුදු ගානටම වඩා ඔයගොල්ලො  කරපු මේ අවුරුදු දෙක ඒ හැත්ත ගානටම වඩා ඔයගොල්ලො ඇති තරම් කෑවා. ඔයගොල්ලන්ගේ පර්සනල් rate එක කීයද ගනින්න පුලුවන්ද. එක එක්කෙනාගෙ නම් වලට දාපු සල්ලි ගේන්න මේ රටට. පොඩි එවුන් බඩගින්නෙ කිරි පිටි හැඳි ගානට ගන්නේ. මේවා දැක දැක මේවා පෙනි පෙනී ඔයගොල්ලෝ කොහොමද සැප විඳින්නේ. මේ කියන්නේ මේ කතා කරන්නේ හදවතින් මේ මිනිස්සු වෙනුවෙන් මිසක් කාගෙන්වත් තබ් දොයිතුවක දෙයක් අරගෙනත් නෑ ගන්න බලාපොරොත්තුවකුත් නැහැ. හැබැයි මේ රට මගෙ මේ රට අපේ. ඒ නිසා අපේ රට අපට ඕනි.

හරි දේ කරන්න තාම වෙලාව තියෙනවා හංගපු සල්ලි ගේන්න. මිනිස්සුන්ගේ බඩගින්න නිවන්න. ඔයගොල්ලන්ගේ එකවුන්ට්ස් වල තියෙනවා සල්ලි ඩොලර් බිලියන ගණන්. ගේන්න ඒවා ගෙනල්ලා මිනිස්සුන්ගේ බඩගින්න නිවන්න පුළුවන් නං පුළුවන් නං ඒක කරන්න.”

Rate this item
(0 votes)
Last modified on Sunday, 10 April 2022 20:57