May 03, 2024

නිදහස වෙනුවෙන් පෙර සූදානම

‘අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනයක්, සෞභාග්‍යමත් දේශයක්‘ යන තේමාවෙන් 74වැනි අභිමානවත් නිදහස් දින සැමරුම් උළෙල කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරුන් මෙන්ම විපක්ෂ නායකවරයා සහ විදේශීය තානාපතිවරුන් ද ඒ සඳහා එක්වනු ඇති.

නිදහස් දින සැමරුමට සමගාමිව පැවැත්වෙන නිදහස් දින පෙරහුරුව අද (31) පෙරවරුවේ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ පැවැත්වුණා.

මෙවර නිදහස් දින සැමරුමට ත්‍රිවිධ හමුදා ආරක්ෂක අංශ නියෝජනය කරමින් සාමාජිකයින් 6500ක් එක් සිටිනවා. 

ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයින් 3463ක්, නාවික හමුදා සාමාජිකයින් 919ක්, ගුවන් හමුදා සාමාජිකයින් 804ක්, ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් සාමාජිකයින් 336ක්, පොලිස් විශේෂ කාර්ය බලකාය නියෝජනය කරමින් සාමාජිකයින් 282ක් සහ සිවිල් ආරක්ෂක බලකාය නියෝජනය කරමින් සාමාජිකයින් 437ක් එක්‌ වෙනවා.

මීට අමතරව ජාතික ශිෂ්‍යභට බලකාය නියෝජනය කරමින් සාමාජිකයින් 259ක් ද එක්වීමට නියමිතයි.

නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ පැවති පෙරහුරු සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ යානා ද එක්ව තිබුණා.

පෙබරවාරි 4 වැනි දිනට යෙදෙන 74වැනි නිදහස් දින සැමරුම කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි.

Rate this item
(0 votes)