April 28, 2024

"ගායනා කරන්න වේදිකාවට නගින්න මට ගොඩක් ලැජ්ජා හිතුණා" - වින්ඩි ගුණතිලක කියන අමුතු කතාව

December 19, 2021

මවුපිය උරුමයෙන් ලද මියුරු කටහඬකට උරුමකම් කියන දක්ෂ ගායිකාවක් තමයි වින්ඩි ගුණතිලක කියලා කියන්නේ. ඇය ක්ෂේත්රයේ දක්ෂ ගායකයෙක් වන රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේඛා යන ආදරණීය කලා ශිල්පීන් දෙදෙනාගේ දෙදෙනාගෙන් බාල දියණියයි. වින්ඩිගේ ආදරණීය වැඩිමහල් සොහොයුරිය තමයි රයිනි චාරුකා කියලා කියන්නේ.

රයිනිව අපි නිරන්තරයෙන් විවිධ නිර්මාණයන් ඔස්සේ දැක බලා ගත්තත් වින්ඩි නම් අපට නිතරම ඒ වගේ නිර්මාණයන් ඔස්සේ දැක බලා ගන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒකට ප්‍රධානම හේතුව ඇය බටහිර සම්භාව්‍ය ගායනය වගේම සංගීතය හැදෑරීම සඳහා විදේශගත වී සිටීමයි. මේ වන විට ඇය බටහිර සම්භාව්‍ය ගායනය පිළිබඳව උපාධිධාරිනියක්.

වෘත්තිය වශයෙන් ගායිකාවක් වීම තමයි ඇගේ ඊළඟ අරමුණ වෙන්නේ. ඇය මේ වෙනවිට ඇගේම කියලා ගීත නිර්මාණය ශේත්‍රයට දායාද කරන්න උත්සහ කරමින් සිටිනවා. වින්ඩිගේ ආදරණීය පෙම්වතා තමයි කොයි කවුරුත් දන්න ක්ෂේත්රයේ දක්ෂ ගායකයෙක් වන සනුක වික්‍රමසිංහ .

සනුක සහ ආදරණීය අක්කා ,අම්මා,තාත්තා  සියලුම දෙනාගෙන් ඇයට මේ ගමන සාර්ථකව යන්න විශාල සහයෝගයක් ලැබෙනවා. ගොඩක් වෙලාවට පාඩුවේ පොතක් කියව ගෙන ඉන්න නිහඬ චරිතයක් තමයි වින්ඩි කියලා කියන්නේ. සමාජ මාධ්‍ය වෙත තොරතුරු හුවමාරු කරගන්නේ ඇය ඉතාමත් අඩුවෙන් ඒ ඇයි කියලා අහපුවාම වින්ඩි දුන්නේ මේ වගේ පිළිතුරක්.

මම එහෙම මගේ තොරතුරු photo සෝෂල් මීඩියා වලට එක් කරන්න ආස නැත්තෙමත් නැහැ. හැබැයි මම මොනව හරි දෙයක් සමාජ මාධ්‍යට යොමු කරන්නේ මට හිතුණොත් විතරයි. හැම වෙලාවෙම ඒ දේවල් කරන්නේ නැහැ.

ඒ වගේම එයාකාරයෙන් අදහස් දක්වන ඇය සඳහන් කරන්නේ ක්ෂේත්රයේ ඉන්න බොහෝ දෙනෙක්ට විවිධ කට කතා  හැදෙනවා නමුත් කටකතාවලින් ඇගේ ජීවිතය නම් කාටවත් පාලනය කරන්න බැහැ කියලයි. 

ලංකාවේ ගායිකාවක් විදිහට අනන්‍යතාවක් හදා ගන්නවා කියන එක  ඒ තරම් ලේසි පහසු කටයුත්තක් නෙවෙයි ඒ පිළිබඳව වින්ඩි අදහස් දක්වන්නේ මේ විදිහටයි.

මට මගේ ගමනට දෙමවුපියන්ගේ සහාය හැම කාලෙම ලැබුණා. හැබැයි ලේසි නැහැ ඕනෑම දෙයකට මහන්සි වෙන්න ඕන කැපවෙන්න ඕනේ. ඇත්තම මම හරිම ලැජ්ජාශීලියි කෙනෙක්. ගායිකාවක් විදිහට පටන් ගන්න මට ටිකක් අමාරු වුණා. ගායනයෙහි යෙදෙන්න වේදිකාවකට නගින්න බොහෝ දෙනා සමඟ කතා කරන්න මගේ ලැජ්ජාශීලී බව නිසා මට අපහසු වුණා. හැම වෙලාවෙම අම්මිලා මාව දිරිමත් කළ නිසයි මම මේ තරමට හරි මම ඒ ගති මගහරවා ගෙන ආවේ.

ටිකක් ලැජ්ජාශීලියි වින්ඩි එය නිසාම තමයි කලා ලෝකයට පිවිසෙන්න මේ තරම් කාලයක් අරගෙන තියෙන්නේ. කෙසේ නමුත් ඉදිරියේදී  ඇගේම කියලා අලුත් නිර්මාණයන් කිහිපයක් ඔස්සේ ප්‍රේක්ෂකයන් හමුවට එන්න ඇය බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ සියලුම බලාපොරොත්තු එයාකාරයෙන් ඉෂ්ට වේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.

Rate this item
(1 Vote)