May 02, 2024

මැතිව්ස්ට ආදරය කල පුංචි ක්‍රිකට් රසිකයාට මැතිව්ස්ගෙන් ලැබුණු තෑග්ග

December 08, 2021

ඇන්ජෙලෝ මැතිව්ස් කියන්නේ ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවේ ඉන්න අති දක්ෂයෙක්. ඔහු ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. ලංකාවේ වගේම ලෝකේ ඉන්න බොහෝ දෙනා ඔහුව අදුනනවා. ඔහුගේ දස්කම් අති විශිෂ්ටයි. විශේශ්ස්යෙන්ම ක්‍රිකට් කියන්නේ ලංකාවේ ලොකු කුඩා හැමෝම වගේ ආදරය කරන දෙයක්. ඇත්තෙන්ම කිවොත් එයට වයස් භේදයක් නැහැ. හැමෝම වගේ පුංචි කාලේ ඉදලම ක්‍රිකට් වලට කැමතියි. අන්ජෙලෝගේ නිහතමානිකම වගේම ඔහුගේ දස්කම් නිසාම ක්‍රිකට් ලෝලීන් ඔහුට ආදරෙයි.

පසුගිය දිනක ගාල්ලේ පවතී ක්‍රිකට් මැච් එක අතරතුර පුංචි දරුවෙක් බෝඩ් එකක් අල්ලාගෙන හිටියා. ඒ තමන් ආදරය කරන ඇන්ජෙලෝ මැතිව්ස් ගැන ප්‍රකාශ කරලා. මේක දැකපු ඇන්ජෙලෝ ඔහුව හමුවෙන්න කැමති බව ප්‍රකාශ කරලා තිබුනා. ඉතින් ඒ කිවුවා වගේම මැතිව්ස් ඒ පොරොන්දුව ඉටුකරලා තිබුනා. ඔහු හමුවෙලා ඔහුට තිළිණයක් ලෙස ඔහුගේ ටී ෂර්ට් එකක් දෙන්නත් ඔහු අමතක කරලා තිබ්බුනේ නැහැ. ඉතින් ඒ පුංචි වයසට ඊට වඩා සතුටක් තවත් නැතිව ඇති. ඒ වගේම ඇන්ජෙලෝගේ ඒ නිහතමානී කමට අපත් ස්තුති වන්නෙමු.

Rate this item
(0 votes)