May 03, 2024

"මැණිකේ මගේ හිතේ" ට ජනපති වශී වෙලා : දයාසිරිටත් කියන්න කියයි

දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා ගී ගායනයට දක්ෂයෙක්.

ඒ හැකියාව ජනපතිවරයා ඉදිරියේ පෙන්නන්නත් අවස්ථාව ලැබිලා තියෙනවා.

හැබැයි ඒ ජනපතිවරයාගේම ඉල්ලීමකට අනුව.

ඊයේ (24) ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ රැස්වීමෙන් පසු මන්ත්‍රීවරුන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක් ලබාදී තිබෙනවා.

එහිදී ජනපතිවරයා දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙන්නේ ගීතයක් ගයන ලෙසටයි.

ඒ අවස්ථාවේ ජයසේකර මහතා පෙරළා ජනපතිවරයාගෙන් අසා තිබෙන්නේ කැමති සින්දුව කුමක්දැයි කියායි.

ඊට පිළිතුරු දෙමින් ජනපතිවරයා සඳහන් කර තිබෙන්නේ තමන් කැමති සිංදුව "මැණිකේ මගේ හිතේ" සිංදුව බවයි.

කලින් ඒ බව දැනුම් දුන්නා නම් තමාට ඒ ගීතය හොඳට පුහුණු වී පැමිණීමට හැකියාව තිබූ බව ජයසේකර මහතා ජනපතිවරයා අමතා සඳහන් කර තිබෙනවා.

"දයාසිරිට අමුතුවෙන් සින්දු කියන්න ඉගෙන ගන්න ඕනේ නැහැ" යයි එහිදී සඳහන් කර ඇති ජනපතිවරයා එම ගීතය ගයන ලෙස ඉල්ලා තිබෙනවා.

ඉන් පසු ජයසේකර මහතා පැමිණ සිටි ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම පිනවමින් "මැණිකේ මගේ හිතේ" ගීතය ගයා තිබෙනවා.

Rate this item
(2 votes)
Last modified on Monday, 25 October 2021 20:19