May 04, 2024

ලිමිනි සූදානම් කළ කෑම මේසය දැක නාමල් තැබූ ෆේස්බුක් සටහන

September 08, 2020

වත්මන් රජය මැටි කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා වෙනමම රාජ්‍ය අමාත්‍යාංශයක් ඇති කරමින් දේශිය මැටි කර්මාන්තය ජාත්‍යන්තරයට ගෙන යාමේ අරමුණින් වැඩපිළිවෙලක් සකස් කරමින් පවතී.

ඒ සඳහා වේවැල්, පිත්තල, මැටි, ලී බඩු හා ග්‍රාමීය කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය පිහිටවූ අතර ඒ සඳහා සමාජයේ විශාල කතාබහක්ද ඇතිවිය.

මේ අතර ආණ්ඩුවේ තරුණ මන්ත්‍රීවරයෙකු වන ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය කෑම මේසයට සිය බිරිඳ විසින් එක් කර තිබූ මැටි භාජන පිළිබඳ අගය කරමින් සිය ෆේස්බුක් පිටුවේ අපූරු සටහනක් එක් කර තිබිණි.

එය පහතින්,

"දහවල් කෑම මේසයට ලිමිනි එක්කර තිබු මෙම වෙනස හරහා පිළිඹිබු වන්නේ මෙරට සාම්ප්‍රදායික මැටි කර්මාන්තයට කොතරම් අපුර්ව නිර්මාණය කළ හැකිද යන්නයි.බොහෝ ලාංකිකයන් තුළ ඇති තිරසර මෙන්ම පරිසර හිතකාමී නිර්මාණාත්මක හැකියාව මෙම නිර්මාණ තුළ ගැබ්ව තිබෙනවා."

Rate this item
(0 votes)