April 26, 2024

වෙහෙසකර අභියෝගයක් සාර්ථකව ජය ගත් පසු එහි අග්‍ර ඵලය ලබන්න නිහඬව ටික කලක් බලා සිටිය යුතුයි - මෛත්‍රී

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබා ගත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හට කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා නොදීම සම්බන්ධයෙන් දේශපාලන කේෂ්ත්‍රයේ දැඩි කතා බහක් ඇති වුවා.

කෙසේ වුවත් ඉදිරියේදී හිටපු ජනාධිපතිවරයාට කැබිනට් අමාත්‍ය ධුරයකට වඩා බලතල සහිත විශේෂ තනතුරක් පිරිනැමීමේ සුදානමක් පවතින බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

කෙසේ වුවත් මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා සිය නිල ෆෙස්බුක් පිටුව හරහා ඒ පිළිබඳව යම් ඉඟියක් ලබාදී තිබුනේ ” වෙහෙසකර අභියෝගයක් සාර්ථකව ජය ගත් පසු එහි අග්‍ර ඵලය ලබන්න නිහඬව ටික කලක් බලා සිටිය යුතුයි” යනුවෙන්.

Rate this item
(0 votes)