April 27, 2024

අනේ මම එහෙම කිව්වේ නැහැ - මගේ කතාවට මොකක්ද කරලා

තම දේශපාලන ස්ථාවරය සම්බන්ධයෙන් තමන් විසින් මීට පෙර ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ පළකළ සටහනේ අර්ථය විකෘති නොකරන ලෙස ඉල්ලා සිටින බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් තමන්ට කිසිදු කලකිරීමක් ඇතැයි එම සටහනේ තමන් සඳහන් නොකළ බවත් ප‍්‍රවීන උපකාරක පන්ති දේශක තිස්ස ජනනායක මහතා පවසයි. 

තමන්ට ප්‍රශ්නය වී ඇත්තේ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල සාර්ථක කරගැනීම සඳහා මහජන නියෝජිතයින් පිරිසක් දැනට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ලබාදී ඇති නාමයෝජනා ලැයිස්තු අතරින් තෝරාගන්නේ කෙසේද යන්න බවයි ඒ මහතා සඳහන් කරයි.

"ගෝඨාභයට මා වැඩ කලේ රට හදයි කියලා - නමුත් මැතිවරණයට පරණ දුෂිත, අමන, හොරුන්මයි" - තිස්ස ජනනායක

Rate this item
(0 votes)