April 26, 2024

ශ්‍රී මහා බෝධීන් වහන්සේ පක්ෂීන්ගෙන් ගලවා ගැනීමට තාක්ෂණික ක්‍රමවේදයක්

ගිරවුන් වැනි පක්ෂීන් නිසා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අනතුරු දායක තත්ත්වයකට මුහුණ පා තිබේ. බෝධීන් වහන්සේ ඇතුළු පරිවාර බෝධීන් වහන්සේලාගේ අතු මත ගිරවුන් බෙන හැරීම නිසා මෙම අනතුරු දායක තත්ත්වය ඇතිව තිබේ.

ගිරවුන්ට හානියක් නොවන පරිදි එම ස්ථානයන්වලින් ඉවත් කිරීමට කටයුතු කළත් දිගින් දිගටම පක්ෂින් බෝධීන් වහන්සේ වෙත පැමිණ බෙන හෑරීම කරගෙන යයි. මේ සඳහා රවීන්ද්‍ර මීගමආරච්චි මහතා විසින් ලෝකයේ විවිධ රටවල පක්ෂින්ගෙන් සිදුවෙන හානි අවම කර ගැනීම සඳහා භාවිත කරන නව තාක්ෂණික උපකරණයක් මඟින් මෙම ගැටලුවට විසඳුමක් ලබා දීමට කටයුතු කර තිබේ.

මේ ඔහු ඒ පිළිබඳව ඔහුගේ ෆේස්බුක් පිටුව මත තැබූ සටහනයි,

කිව්ව වගේම කරා හෙට පූජා ගන්නවා

අදටත් ගෝනි වලින් වසා දැල්වලින් ආවරණය කර ඇති ගිරවුන්ගේ බෙන, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට හා පරිවාර බෝධීන් වහන්සේලාට වී ඇති හානිය මනාව පිළිබිඹු කරයි.සිය ගණනින් ගිරවුන් බෝධීන් වහන්සේ අසලට ගෙනගොස් භාර ඔප්පු කිරීමට නිදහස් කිරීම තුළින් මෙම තත්ත්වය වඩ වඩාත් වියවුල් වී ඇත. පරිවාර බෝධීන් වහන්සේලාගේ අවුරුදු තුන් හාරසීය ඉපැරණි අතු මෙම බෙන හේතුවෙන් කඩාවැටීමට ලක්වී ඇත. ආවරණයක් ලෙස ක්‍රියාකරන එම අතු කඩා වැටීම හේතුවෙන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ නිරාවරණය වන්නේ උන්වහන්සේට ඇති එකම අනතුරවන සුළඟටය.
යුද හමුදාව පොලිසිය යොදා ආරක්ෂාව සැපයුවද සුළඟින් ආරක්ෂා කිරීමට කිසිවකු සමත් වී නැත. මම මෑතකදී සඳහන් කළ පරිදි මේ වන විට බෝධීන් වහන්සේ අසල රතිඤ්ඤ පත්තු කිරීම ,උස් හඩින් ඝෝෂා කිරීම කැට පොල්ලෙන් විදීම වැනි ක්‍රියා තුළින් ගිරවුන් එලවීම සිදුකරනු ලබයි. එම ක්‍රියා එම ස්ථානයේදී උචිත නොවේ. එබැවින් මේ සඳහා සුදුසුම විකල්පය සොයාගත් මා අද දින එම උපකරණ ලංකාවට ගෙන එනලදී.

මා විසින් මෙම නිෂ්පාදන සමාගම සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලද අතර ශාකවලට හා සතුන්ට මෙමගින් කිසිදු හානියක් සිදු නොවන බවට ඔවුන් ප්‍රකාශ කර සිටියේ ජාත්‍යන්තර තත්ත්ව සහතික ද ඉදිරිපත් කරමි. Ultrasonic තාක්ෂණය මෙන්ම Flashing light මේ සදහා යොදා ගෙන ඇති අතර කුරුලන් පැමිණි විට පමණක් Motion detector මගින් මෙම උපකරණය ක්‍රියාත්මක වේ. සොබාදහමට සියලුම දේ අවනත විය යුතු නමුත් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ආරක්ෂා කිරීමට සොබාදහමේම කොටස්කරුවෙක් ලෙස අප බැඳී සිටින්නෙමු. මෙම උවදුර මෑතකදී දී ඇති වූවක් මිස අතීතයේ සිට පැවතුණාවූ උවදුරක් නොව නතර ඒ සඳහා විසඳුමක් සොයා ගැනීමට ලැබීම මා ලද භාග්‍යයක් කොට සලකමි.

රවීන්ද්‍ර මීගමආරච්චි

Rate this item
(0 votes)