April 26, 2024

වෛද්‍ය උපකරණවල වටිනාකම පෙන්වන්න ජර්මානු වෛද්‍යවරුන් නිරුවත්ව කළ වර්ජනය

නව කොරෝනා වෛරසය වසංගතයක් ලෙස ලෝකයම ආක්‍රමණය කර ඇති අවස්ථාවක ලෝකයේ බොහෝ රටවල් පෙර කවරදාකටත් වඩා වෛද්‍ය උපකරණ නිපදවීම කෙරෙහි අවධානය යොමුව ඇත. වෛද්‍යවරුන්ගේ ආරක්ෂිත ඇඳුම්, මුහුණු ආවරණ, අත් ආවරණ සහ ඇඳුම් වර්ග නිපදවීමද මේ නිසා තවත් වේගවත් වී ඇත.

නමුත් මෙම බොහෝ ඇඳුම් වරක් භාවිත කර ඉවත දැමීම නිසා කර්මාන්තශාලාවන්ට තමන්ගේ නිෂ්පාදන ධාරිතාවයද ඉහළ දැමීමට සිදුව ඇත. මෙම කොරෝනා රෝගීන් සමඟ කටයුතු කිරීමේ දී වැරදි එක් ස්පර්ශයකින් පවා වෛද්‍යවරුන්ට කොරෝනා වෛරසය ආසාදනය විය හැකිය. ඒ නිසාම මේ ඇඳුම්වල සහ අනිකුත් ආයිතමවල අවශ්‍යතාවය දැඩිව පවතී.

ජර්මානු සංවිධානයක් වන බ්ලැන්ක් බෙඩෙන්කන් (Blanke Bedenken) හී වෛද්‍යවරුන් පිරිසක් විසින් මෙම වෛද්‍ය උපකරණ නොමැතිව සේවය කිරීම කෙතරම් භයානකද යන්න බව පෙන්වීම සඳහා මෙන්ම වෛද්‍යවරුන් අවශ්‍යවන ආරක්ෂිත ඇඳුම් සහ ආයිත්තම කඩනමින් ලබා දෙන ලෙස ජර්මානු රජයට අවධානය යොමු කිරීම සඳහා අපුරු උත්සාහයක් ගෙන තිබුණි.

ඔවුන් මෙහිදී නිරුවත්ව සිටිමින් රෝගීන්ට ප්‍රතිකාර කරන අයුරු දැක්වෙන ඡායාරූප පෙළෙක් අන්තර්ජාලයේ පළ කර තිබුණි. ආරක්ෂිත ඇඳුම් නැතිව රෝගීන්ට ප්‍රතිකාර කිරීම නිරුවත්ව රාජකාරී කිරීම වැනි බව පෙන්වීම සඳහා මෙම ක්‍රියාව ඔවුන් විසින් සිදුකර තිබූ බව සඳහන් වේ.

ජර්මනිය තුළ මේ වන විටත් සියලුම වෛද්‍ය උපකරණ නිපදවන කර්මාන්තශාලාවල ධාරිතාව වැඩි කර තිබුණත් ඉල්ලුමට සරිලන සැපයීමක් ලබා දීමට නොහැකිව ඇතිබව සඳහන් වෙයි. 

Rate this item
(0 votes)