April 26, 2024

කොරෝනා ගැන තතු ලෝකයට කියන ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය

ලෝකයේ බොහෝ විදෙස් මාධ්‍ය ප්‍රමාණයක් තමන්ගේ කොරෝනා වෛරසය පිළිබඳව පුවත් පළ කිරීමේ දී සඳහන් කරන විස්තර අතර අමෙරිකානු විශ්ව විද්‍යාලයක් වෙන ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ නම ඇතුළත් වේ. The World University Ranking (වර්ල්ඩ් යුනිවර්සිටි රෑන්කින්) වෙබ් අඩවියට අනුව ලෝකයේ විශ්ව විද්‍යාලය අතරින් පසුවන්නේ 12 වැනි ස්ථානයෙයි. වර්ෂ 1876 දී පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් ලෙස ජෝන්ස් හොප්කිනිස් විශ්ව විද්‍යාලය අක්කර 140ක් භූමියක් පුරාවට විදිහි ඇත.

මෙම විශ්ව විද්‍යාලය තමන්ගේ වෙබ් අඩවිය තුළ කොරෝනා වෛරසයේ තත්ත්වය පිළිබඳව නිරවද්‍යතාවයක් සහිත සජීවි දත්ත ගබඩාවක් පවත්වාගෙන යයි. එම දත්ත ගබඩාව තුළ ලෝකයේ දැනට හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව, මරණ සංඛ්‍යාව සහ සුවයට පත් ප්‍රමාණයද පෙන්වා දෙන අතර රෝගයේ ව්‍යාප්තිය සිදුවෙන ආකාරයත් සිතියම් ගත කර පෙන්වා ඇත.

ලෝකයේ බොහෝ ප්‍රධාන පෙළේ මාධ්‍යයන් විස්තර ලබා ගන්නේ ද මෙම ජෝන්ස් හොකින්ස් විශ්ව විද්‍යාලයේ වෙබ් අඩවිය තුළිනි.

Rate this item
(1 Vote)