April 26, 2024

ක්‍රිකට් උපන් රටවලට ක්‍රිකට් පිති අලෙවි කරන ශ්‍රී ලාංකික තරුණයා

ශ්‍රී ලාංකික නාමය ජාත්‍යන්තරයට රැගෙන යන්නට හැකි වුණු අපූරු තරුණයෙකු පිළිබඳව ෆේස්බුක් සමාජජාලය ඔස්සේ දැකගන්නට හැකි වුණා.

ඔහු නමින් සහන් දික්මාදුගොඩගේ ය.

ලෝකයේ ඉමහත් ප්‍රසිද්ධියට පත් ක්‍රීඩාවක් වෙන ක්‍රිකට් ක්‍රීඩා කිරීමට යොදා ගන්නා පිති නිර්මාණය කිරීමට මේ තරුණයා සමත් වන්නේ මේ පුංචි රට තුළින් එවන් දස්කමක් කළ පළමු වැන්නා වෙමිනි.

ක්‍රිකට් ක්‍රීඩාවට යොදාගනු ලබන ක්‍රිකට් පිති එම තාක්ෂණික ක්‍රමවේදයෙන් ඔස්සේ ප්‍රමිතියට නිර්මාණය කිරීමටත් ඒවා ක්‍රිකට් උපන් දේශය වෙන එංගලන්තයටත්, ඕස්ට්‍රේලියාවටත් අපනයනය කරන්නට මෙම තරුණයා සමත්ව තිබෙනවා.



පසුගිය පෙබරවාරි මස 28 වැනිදා සහන් දික්මදුගොඩගේ ඔහුගේ ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබුණේ ඔහු විසින් නිෂ්පාදනය කරන පිතිවලට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නිල අවසරය ද ලැබුණු බවයි. ඒ අනුව සහන්ගේ පිති අන්තර්ජාතික ක්‍රිකට් තරග සඳහාත් මින් පසු යොදා ගැනීමට හැකියාව ලැබෙනවා.

ඒ අනුව, ඔහු පෙබරවාරි මස 29 වැනිදා නැවතත් ⁣ඔහුගේ ෆේස්බුක් වෝලය මත සටහනක් තබන්නේ මෙම දිනවල පැවැත්වෙන අන්තර්ජාතික කාන්තා T20 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම භාවිත කරන්නේ ඔහු විසින් නිෂ්පාදනය කළ "Stunch" ක්‍රිකට් පිති බව පවසමිනි.

ශ්‍රී ලංකාවට කිසිදාක වැටෙන්නට නොදෙන බවද ඔහුගේ තවත් එක් සටහනක ඔහු පවසා තිබුණා.

රට වෙනුවෙන් මෙවන් අගනා සේවයක් කරන තරුණ තරුණියන්ට ඒ අවශ්‍ය ධෛර්යය ශක්තිය ලබා දී රට වෙනුවෙන් දෙයක් කිරීමට බලධාරීන් අවධානය තවත් ලබා දිය යුතුව ඇත.

Rate this item
(1 Vote)
Last modified on Monday, 02 March 2020 10:47