April 27, 2024

පාර කියන ලිලී අත්තම්මා පහේ පෙළ පොතට

February 03, 2020

වසර 40ක් පුරා ඇය සමාජයට දුන් ආදර්ශය පෙළපොතට පවා ගෙනැවිත් ඇත.

ලිලී වයලට් නම් වූ මැය 2017 දී සම්මානයට පාත්‍ර වන්නේ, වසර 40ක් මුළුල්ලේ සිදුකළ සමාජ මෙහෙවර වෙනුවෙන්.

කෑගල්ල පරගම්මන ගමේ ජීවත් වූ ඇය සතියේ සෑම දිනකම උදෑසන 6ට නිවසින් පිටත් වෙයි. මෙහි පැමිණෙන ඇය පාසලේ දරුවන් ආරක්ෂිතව පාර මාරුකිරීම සඳහා ස්වේච්ඡාවෙන්ම පියවර ගනු ලබයි.

මේ ආදර්ශවත් චරිතය අද වන විට පහ ශ්‍රේණියේ සිංහල පෙළපොතට ද ඇතුලත් කර තිබීම විශේෂත්වයක්.

ඉන් අවධාරණය වන්නේ ලිලි අත්තම්මා වැනි චරිත කොතෙක් අප රටට වැදගත් ද යන්නයි. අවුරුදු 84ක් වයෝවෘද්ධ වුවත් මේ අත්තම්මා සිය රාජකාරිය අත්හැර නැත. ඒ මිනිසාට සේවය කිරීම මිනිසාගේ යුතුකම බවට තවදුරටත් සමාජයට පසක් කරමින්.

Image may contain: 1 person, standing

Image may contain: one or more people and outdoor, text that says 'SINGE'

Image may contain: 1 person, walking, standing and outdoor

Image may contain: one or more people and text

Rate this item
(0 votes)