April 27, 2024

ලංකාවේ රණවිරුන් වළක වැටී සිටි තරුණයෙක් බේරා ගත් හැටි (PHOTOS)

පසුගියදා ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ අත්හැර දමන නළ ළිඳකට වැටී සුජිත් විල්සන් නම් වයස අවුරුදු 2ක පමණ කුඩා දරුවෙකු මිය ගියා. මෙම දරුවා ගලවා ගැනීමට ඉන්දියානු බලධාරීන් දින 04ක පමණ කාලයක් තිස්සේ උත්සාහ කළත් ඔහුගේ ජීවිත ගලවා ගන්නට බැරිව ගියා.

මේ සිදුවීමෙන් පසු මුහුණ පොත පුරා බොහෝ දෙනා විවිධ අදහස් පළ කර තිබුණා. ඒ අතර බොහෝ දෙනා කිව්වේ "අපේ රණවිරුවන් සිටියා නම් සුජිත්ව පැය කිහිපයකින් ගලවා ගන්නා බවයි".

මේ අතර මුහුණු පොතේ ඡායාරූප කිහිපයක් ද ඒෂියන් මිරර් අපිට දකින්නට හැකි වුණා. ඒ සාම සාධක හමුදාවේ සේවයේ නිරතව සිටින අප රටේ යුද සෙබළුන් පිරිසක් විසින් සුජිත් මෙන් වළක වැටී සිටි තරුණයෙකු බේරා ගන්න අවස්ථාවක ඡායාරූප කිහිපයක්.

මේ ඡායාරූප දුටු බොහෝ දෙනා නැවත වරක් පවසා තිබුණේ "අපේ කොල්ලෝ හිටියා නම් සුජිත්වත් බේරා ගන්නවා" යන්නයි.

Rate this item
(0 votes)