April 26, 2024

බබාලා අරන් පාර්ලිමේන්තු ගිය දේශපාලනඥයින්

ලෝකයේ බොහෝ රටවල දේශපාලනඥයින් අපේ රටේ දේශපාලනඥයින්ට වඩා සරළ දිවි පෙවතක් ගත කරන බව සමාජජාල වෙබ් අඩවි සහ ජාත්‍යන්තර පුවත්වල පළවෙන ඇතැම් පුවත් බලන සෑම කෙනෙකුටම සොයාගත හැකි දෙයකි. මෙම විදෙස් දේශපාලනඥයින් අතර තමන්ගේ කුඩා දරුවන්ද රැගෙන පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වූ දේශපාලනඥයින්ද සිටි. මේ සටහන එවන් පිරිසක් පිළිබඳවයි.

1. ඩෙන්මාර්ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන මෙට් අබිල්ඩ්ගාඩ් (Mette Abildgaard)

මෙට් තමන්ගේ අලුත උපන් මාස 05ක් පමණ වන කුඩා බිළිඳියත් රැගෙන පාර්ලිමේන්තුවට යන්නේ මෙම වසරේ මාර්තු මාසයේ දීය. ඒ පාර්ලිමේන්තුවේ පැවැත් වෙන ඡන්ද විමසීමකට සහභාගී වීමේ අරමුණ ඇතිවයි. ඇයගේ සැමියාට තිබූ රාජකාරීමය කටයුතු හේතුවෙන් දරුවා බලාගැනීමට නොහැකි වීම නිසා මේට් ඇයගේ කුඩා බිළිඳියවත් රැගෙන පාර්ලිමේන්තුවට යාමට කටයුතු කර තිබුණා. නමුත් ඩෙන්මාර්ක් පාර්ලිමේන්තුවේ කතානායකවරිය වන පියා කියාස්ගාඩ් (Pia Kjaersgaard) පවසා තිබුණේ බිළිඳිය සමඟ පාර්ලිමේන්තුවේ සභා ගර්බයට ඇතුළු විය නොහැකි බවයි. ඇය එයට හේතුව ලෙස දක්වා තිබුණේ බිළිඳිය හැඬීමට හෝ වෙනත් ශබ්දයක් නැගුවොත් එය පාර්ලිමේන්තු කටයුතුවලට බාධාවක් වන බවයි. මේ ගැන මෙට් අබිල්ගාඩ්
ට්විටර් පණිවිඩයක් මඟින් ඇයගේ විරෝධය පළ කර තිබුණා.

2. නවසීලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ටමාටි කෝෆි (Tāmati Coffey)
ටමාටි කෝෆි යනූ නවසීලන්ත කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරයෙකි. ඔහු පසුගිය අගෝස්තු මාසයේ දී ඔහුගේ කුඩා පුත්‍රයාව පාර්ලිමේන්තුව වෙත රැගෙනවිත් තිබුණා. මේ කුඩා දරුවා දුටු එරට පාර්ලිමේන්තු කතානායකවරයා වන ට්‍රෙවර් මල්ලාර්ඩ් (Trevor Mallard) ටමාටි කෝෆිගේ දරුවා අතට ගත්තේ කතානායක අසුනේ සිටියදීමයි. පසුව ට්‍රෙවර් විසින් ට්විටර් පණිවිඩියක් ඔස්සේ ටිමාටි සහ ඔහුගේ දරුවාට සුබ පැතුම් පළ කර තිබුණා. ටමාටිගේ කුඩා පුත්‍රයා වන ටූටෙන්නෙකායි (Tūtānekai) කුඩා කාලයේ දීම නවසීලන්තයේ කතානායක පුටුව වෙත යාමට තරම් වාසනාවන්තයෙකු බවටද පත් වී තිබුණා.

3.කෙන්යානූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන සූලෙයිකා හසන් (Zuleika Hassan)
 


පසුගිය අගෝස්තු මාසයේ දී කෙන්යානූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයක් වන සූලෙයිකා හසන් තමන්ගේ මාස 05ක් වන බිළිඳිය සමඟ කේනායනූ පාර්ලිමේන්තුව වෙත ගියත් ඇයට එහි රැඳී සිටින්නට අවස්ථාවක් ලැබුණේ නැහැ. එයට හේතුව වී තිබූණේ එරට පාර්ලිමේන්තුවේ සභා ගර්බය තුළට ආගන්තුකයන්ට පැමිණිමට ඉඩ ලබා නොදීමයි. එම නීතියට දරුවන්ද ඇතුළත්ව සිටිනවා සූලෙයිකා හසන් එම නීතියට විරෝධය පළ කිරීමත් සමඟ තරමක් උණුසුම් තත්ත්වයක ද ඇති වී තිබුණා. පසුව ඇය සභා ගර්බයෙන් ඉවත් ව ගොස් තිබුණා

4. ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ සෙන්ස්ටර්වරියක් වන ලැරිස්සා වෝටර්ස් (Larissa Waters)


පසුගිය 2017 වසරේ දී ලෝකයේ බොහෝ දෙනෙකුගේ කතාවට ලක් වුණු පාර්ලිමේන්තු සිදුවීම වුණේ ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන ලැරිස්සා වෝටර්ස් විසින් තමන්ගේ කුඩා දියණියට පාර්ලිමේන්තු වී කිරි ලබා දීමයි. ඇය එහිදී මව්වරුන්ට තමන්ගේ දරුවන්ට කිරි දීමේ වැදගත්කම ගැනත් සඳහන් කර තිබුණා.

මෙවැනි බොහෝ අමාත්‍යවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෝකයේ සිටිනවා, මේ අය අතරින් කතා බහට ලක් වුණු කිහිප දෙනෙක් විතරයි.
Rate this item
(1 Vote)
Last modified on Monday, 14 October 2019 14:25