April 26, 2024

"කූරගල පන්සලට කරන්ට් එක දෙන වැඩේට අපිට අවසර දෙන්න" ඉරාජ් සජිත්ගෙන් ඉල්ලයි

ඉරාජ් කියන්නේ කාලෙන් කාලෙට මොකක්ම හරි මාතෘකාවක් නිර්මාණය කරන කෙනෙක්. ඥානසාර හාමුදුරුවන් නිදහස් කර ගන්න වගේම, අපේක්ෂා රෝහලට පෙට් ස්කෑනර් එකක් ගන්නත් ඉරාජ් බොහොම උනන්දුවෙන් කටයුතු කරපු කෙනෙක්. ඒ වගේම රණවිරුවන් වෙනුවෙන් පවා ගොඩක් දේවල් කරපු කෙනෙක්. අවශ්‍ය තැනදි පිරිස් බලය එකතු කරගන්න ඉරාජ්ට තියෙන්නේ ඇත්තටම දක්ෂකමක්. කොහොම වුනත් ඔන්න ඉරාජ් මේ ලඟදි දවසක වගේ තවත් වැඩක් පටන් අරන් තියනවා.

කූරගල පල්ලියට ලයිට් කරන්ට් තිබුනත් කූරගල පන්සලට ලයිට් කරන්ට් නැති බවත් ගමේ ජනතාව ඒ වෙනුවෙන් තමන්ගෙන් උදව් ඉල්ලපු බවත් කියමින් ඉරාජ් තමන්ගේ ෆේස්බුක් පේජ් එකේ පෝස්ට් එකක් දාලා තිබුනා.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඒ පන්සලට දෙන මුදල මේ වැඩේට ප්‍රමාණවත් නැති නිසා ඉහලම තත්ත්වයේ තියන සුර්යකෝෂ සහ ඒවායෙන් වැඩ කරන විදුලි බල්බ තමන් ලබා දෙන්න කැමැත්තෙන් ඉන්නවා කියලත් මේ වැඩේ හරිගියොත් මිනිස්සුන්ට රෑටත් පන්සලට ඇවිත් වැඳ පුදාගන්න අවස්ථාව ලැබෙනවා වගේම ගමටම ඇහෙන්න පිරිත් දාන්නත් අවස්ථාව ලැබෙනවා කියලා ඉරාජ් එතැනදී කියලා තියනවා.

හැබැයි කොච්චර කැමැත්ත තිබුනත් දෙපාර්තමේන්තු අවසරය නැතිව මේ වැඩේ ක්‍රියාත්මක කරන්න බැරි නිසා විෂය භාර ඇමතිවරයා වුන සජිත් ප්‍රේමදාසට මේ වෙනුවෙන් අවසර දෙන්න කියලත් ඉරාජ් ප්‍රසිද්ධියේම ඉල්ලලා තිබුනා. ඒ විතරක් නෙමෙයි ඇමතිතුමාගේ පේජ් එකට ගිහිල්ලා මේ වැඩේ වෙනුවෙන් උදව් කරන්න කියලා කමෙන්ට් එකක් දාන්න කියලත් එයා තමන්ගේ රසික රසිකාවියන්ගෙන් ඉල්ලනවා.

Rate this item
(1 Vote)