මේ ලෝකයේ තනි වී සිටින සුසන්ත ඉටි පහන් දල්වා තමන්ගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා වෙනුවෙන් ආගමික වතාවත්වල නිරත වුණා.
එහිදී ඔහු තම දරු තිදෙනාගේ සහ බිරිඳගේ සොහොන් කොතේ තබා තිබුණේ ඉතාම සංවේදී සටහනකි.
මේ ඔහුගේ කතාවයි.
“20 වැනිදා රෑ මගේ බිරිඳ ගවුමක් මහන්න දීලා තියෙනවා, අපි ගන්න යමු කියලා. නමුත් ගවුම වයිෆ් දාලා බලලා කිව්වා හිතුව විදියට මැහිලා නැහැ ඒ හින්දා ඉරිදා උදේ උත්තාන මංගල්‍යයට අදින්නේ ගිය අවුරුද්දේ නත්තලට ඇන්ද ගවුම තමයි කියලා මට කිව්වා. මං රාත්‍රී මුර සේවය සඳහා ගෙදරින් පිටත් වුණා. මං යන්න යද්දී හෙට උදේ 7.30 වෙද්දී එන්න එපා ගෙදර මොකද අපි පල්ලි යනවා, 8.30 පහුවෙලා පල්ලිය ගාවට එන්න. මට සීනි ටිකක් වැඩිපුර තියෙනවා. රෑට පොඩි ආහාර වේලක් ගන්න හින්දා උදේ පාන්දර වෙද්දී බඩගිනි වෙනවා, මම 8.30ට පල්ලිය ගාවට ගියා. මට බඩගිනි වැඩිකමට එන්න කියන්න කියලා මම කෝල් එකක් ගන්න හැදුවේ මගේ ෆෝන් එකේ සල්ලි තිබුණේ නැහැ. මම මගේ ඇඳුම දිහා බැලුවා මට ගිහින් එක්ක එන්න පුළුවන් තත්ත්වයක ඇඳුමක් නෙමෙයි මං ඇඳන් ඉන්නේ. මං ටක් ගාලා පල්ලිය තුළට දිව්වා. ලේ පෙරාගෙන මිනිස්සු වැටිලා හිටියා. මං දැක්කා මගේ වයිෆ් බංකු දෙකක් මැද්දේ අර ගවුම ඇදගෙන, මම වයිෆ්ව උස්සලා අරගෙන උකුලේ තියා ගත්තා. බලද්දී වයිෆ් ට යට වෙලා දෙවැනි දුව. මම අනිත් පැත්ත හරවලා දුව තියා ගත්තා. චූටි පුතත් යට වෙලා හිටියා එයාවත් තියා ගත්තා. මම මෙහෙම කරලා උස්සලා බලද්දී ලොකු දුව, ලොකු දුවත් ඇදලා අරගෙන තියා ගත්තා. මම ඇඩුවා විනාඩි දෙක තුනක්. මම වයිෆ් ව ත්‍රීවිල් එකේ දාගෙන මීගමුවේ ඉස්පිරිතාලේට ගෙනිච්චා. සාමාන්‍යය සිහියෙන් හිටියා, මම කිව්වා ඩොක්ටර් මගේ ළමයි තුන්දෙනත් ඉවරයි, මගේ වයිෆ් ව හරි මට බේරලා දෙන්න කියලා. 8.40ට බෝම් බ්ලාස්ට් එකක් වෙලා 9.00ට රෝහලට පටවපු ලෙඩා හැන්දෑවේ 3.30 වෙනකන් ගාල්ල කරාපිටිය රෝහල වෙනකන් දුප්පත්කම නිසා වෙන්න ඇති. රෝහලේ දී කිව්වා "දැන් ඉතින් පුතා අපිට බාර දීලානේ තියෙන්නේ, ඔයා යන්න දැන්" මම ඔහොමම ආවා මීගමුවේ ඉස්පිරිතාලේට, ඉස්පිරිතාලේ දී හොයාගත්තා මගේ චුටි පුතාගේ බොඩි එක, මගේ චූටි දුවගේ බොඩි එකත් හම්බුණා. මගේ මස්සිනා කෙනෙක් ඉඳලා රාගම හොස්පිටල් එකේ ලොකු දුවගේ බොඩි එකත් හම්බුණා කියලා. වයිෆ්ගේ ඇස් දෙක දම්පාට වෙලා. ටික වෙලාවක් යද්දී මං හිතන්නේ මැෂීන් නතර වුණා.