April 27, 2024

කොළඹ අවට පෝස්ටර් යුද්ධය ගැන බුද්ධි අංශ පරීක්ෂණ

මේවන විට විවිධ කාරණා සඳහා කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වල පෝස්ටර් අලවා තිබෙනු දක්නට ලැබේ. ඒ අතර මරණ දඩුවමට එරෙහි වූ පිරිසක්ද පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කර තිබේ.

‘පාණාතිපාතා වේරමණි සික්ඛාපදං සමාදියාමි’ යනුවෙන් එම පෝස්ටර් අලවා තිබිණි.

මේ අතර කොළඹ හා තදාසන්න නගර ආශ්‍රිතව ‘මෛත්‍රී හරි’ යනුවෙන් පෝස්ටර් කිහිපයක් සෙනසුරාදා දින සිට එක්තරා ස්වෙච්ඡා සංවිධානයක් විසින් අලවා තිබෙනු දක්නට ලැබිණි.

ඉන් පසු මරණ දඩුවමට එරෙහි වූ යම් කිසි පිරිසක් විසින් ‘මෛත්‍රී හරි’ පෝස්ටරයට උඩින් යළිත් ‘පාණාතිපාතා වේරමණි සික්ඛාපදං සමාදියාමි’ යන පෝස්ටර් අලවා තිබීමත් හේතුවෙන් මේ වනවිට පෝස්ටර් යුද්ධයක් ආරම්භ වී ඇත.

කෙසේ වෙතත් පුදුම සහගත කරුණ වන්නේ ‘පාණාතිපාතා වේරමණි සික්ඛාපදං සමාදියාමි’ යන පෝස්ටර් මත ‘අනුග්‍රහය කුඩු මුදලාලි සංගමය’ යනුවෙන් දැන්වීමක් අලවා තිබේ.

මේ අතර  ‘පාණාතිපාතා වේරමණි සික්ඛාපදං සමාදියාමි’ යන පෝස්ටර් පිළිබඳ බුද්ධි අංශ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයිද ආරක්ෂක අංශ ආරංචි මාර්ග පැවසී ය.

එම ඡායාරූප පහතින්,

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 07 March 2019 00:00