April 26, 2024

කල්ලන්ගේ කෙනෙහිලි මැද ජීවිතය ජයගත් එමිනම්

February 13, 2019

එමිනම් මහත්තයා අද වෙද්දි මුලු ලොකේ පුරා එයාගේ ඇල්බම් විතරක් මිලියන 180ක් විකුණලා තියෙනවා. පරසිද්ද සන්ගි සගරවක් වෙන රොලින් ස්ටොන් සගරාවට අනුව අපේ එමිනම් මහත්තයා තරම් රැප් කාරයෙක් පහුගිය දශකයේ ඉදලම නැ. මේක නිසාම එමිනම් කින් ඔෆ් හිප් හොම් එහෙමනැත්නම් රැප් රජ්ජුරැවො කියලා නම තියලා තියෙනවා.

එමිනම් මහත්තයාගේ ලයිප් එක දැන් පුල් මාවලස් වුනාට එයාගේ පොඩි කාලේ ජීවිතේනම් පුදුමා කාර කටුක වෙලා තියෙනවා. එයාගේ තාත්තා පොඩි කාලේම එයාව දාලා ගිහින් තියෙනවා. එයාගේ අම්මා යන යන තැන වැඩ වන කර ගන්න ජාතියේ ගැනියෙක් නිසා එමිනම් පොඩි කාලේ ඉස්කොලම විතරක් අවුරැද්දට 2තුන් පාරක් වෙනස් කරන්න සිද්ද වෙලා තියෙනවා. පොඩි කාලේ ඉදන්ම ඉගෙනීම කඩා කප්පල් වුනු නිසා එමිනම් මහත්තයාට වටේ මිනිස්සු හිනා වෙන එකමලු කරලා තියෙන්නේ.

හැබැයි ඒ මොනවා වුනත් එමිනම්ට ඉන්ගිරි බාසවටත්, වචන වලටත් පුදුම ලව් එකක් පොඩිකාලෙදිම තිබිලා තියෙනවා.

එමිනම් මහත්තයා එයා පේල් වේච්ච විසයන් ගැන හිතන් නැතුව වචන වලට තියෙන ආසාව නිසාම මුලු ඩික්සනරි නැත්නම් මුලු සබ්ද කොසයම පාඩම් කරන්න පටන් ගත්තලු.

මෙතන ලන්කාවේ අපිටනම් ඉගෙන ගන්න හොද ධනාත්මක චින්තනය පාඩමක් තියෙනවා.

ලන්කාවේ ගොඩක් ලමයි හිතන් ඉන්නේ ගනන් හරි විදයාව හරි පේල් වුනොත් ලයිප් එකම පේල් කියලනේ. අපේ එමිනම් මහත්තයාත් ඔහොම හිතුවනම් අපිට සද්දෙට දාලා අහන්න පට්ට රැප් සිද්දු මුකුත් නැ. එමිනම් මහත්තයා එයාට බැරි දේවල් ගැන තඹයකටවත් මයින් කරන්නැතුව පොඩි කාලේ ඉදලම එයා ආස දේ. ඒ කිව්වේ රැප් කරන්න පටන් තියෙනවා.

එමිනම් මහත්තයාගේ පෙනුම නිසා එයා පුලුවන් තරම් ඉස්කොලේ අනික් ලමයින්ගේන් රැග් එක කාලා තියෙනවා. කොච්චර නොන්ඩි වුනත් අපේ එමිනම් මහත්තයා රැප් ගේම් එක අත ඇරලා නැ. පස්සේ පස්සේ හිමිට අහු මුලු වල කරපු රැප් නිසා ඉස්කොලේ කිප දෙනෙක් ලමයි එමිනම් කියන්නේ තද පොරක් කියලා පිලි අරන් තියෙනවා. හැබැයි ගොඩක් ලමයි එමිනම්ව චාටර් කරන්නමයි බලලා තියෙන්නේ. අපිට නම් කවුරුහරි අපි චාටර් කිව්වහම සන්සාරේ එපා වෙනවානේ, හැබැයි එමිනම්ට එකේ අනික් පැත්ත. එහෙම නැත්නම් ධනාත්මක චින්තනය එයා පුරුදු කරේ මෙහෙමයි.

මේක තවත් දරුණු වෙලා තියෙනවා එමිනම් ඉස්කොලේන් අයින් වෙලා රැප් ගේම් එකට ෆුලි බැස්සට පස්සේ. ඒ කාලේ රැප් කරලා තියෙන් කලු ජාතික මිනිස්සු විතරයි. ඉතින් අපේ එමිනම් මහත්තයා සුදුම සුදුයි. ඒ කාලේ රැප් සීන් නැගලම ගිය ගමක් තමයි detroit කියන්නේ. ඉතින් detroit වල රැප් තරග වලට ගියාම එමිනම්ව තවත් කොන් වෙලා තියෙනවා. කල්ලො ගොඩක් මැද්ද එකම සුද්දා එමිනම්. මේ මොන දේ වුනත් එමිනම් තමන්ගේ රැප් ගේම් එක දීලා තියෙනවා ලෙසටම. මෙකත් හරි හොද පාඩමක් අපිට ඉගෙන ගන්න. ලොකේ මොන දේ සිද්ද වුනත් ධනාත්මක චින්තයනය පුරුදු කරන් තමන්ගේ හිත හයිය නම් අපිට දිනන්න එච්චර අමාරු නැ.

කිව්වත් වගේ මේහෙම කටින් කට එමිනම් මහත්තයාගේ වැඩ කිඩ අරන්චි වෙලා අන්තිම කොහොමහරි dr dre කියන සන්ගිත මාස්ටර් එමිනම්ට එයාගේ පලවෙනි ඇල්බම් එක කරන්න උදව් කරලා තියෙනවා. එදායින් පස්සේ එමිනම් ගැන මුලු ලොකයම දැන ගත්තා. කොච්චර ලොකේ ඉස්සරහ පාච්චල් වුනත් තමන්ගේ හින එක එල්ලේම ෆොලො කරොත් තමන් කරන වැඩේට සම්පර්ණයෙන්ම ෆොකස් කරොත් මේ ලොකේ දිනන එක එච්චර අමාරු නැ කියලා අපේ එමිනම් මහත්තයා කටින් විතරක් නෙමේ වැඩ වලිනුත් හොදටම කරලා පෙන්නුවා.

- ගප්පියා

Rate this item
(0 votes)