April 26, 2024

රට දියුණු වීමට නම් පරිසරය ආරක්ෂා කළ යුතුයි

"ගස්වැල් අපේ මිතුරෝය, අපි එ්වාට අාදරය කළ යුතුය, බුදුන් වහන්සේ පවා පරිසරයට අාදරය කළා, රටක දියුණුවක් දැකිය හැක්කේ පාරිසරික වටිනාකමක් අැති දේවල් අාරක්ෂා කිරීමෙන්" යනුවෙන් ජපන් මිත්‍රත්ව සංස්කෘතික පදනමේ සභාපති පූජ්‍යාපාද පැල්පොල විපස්සි නාහිමිපාණන් වහන්සේ පැවසූහ.

උන් වහන්සේ එසේ පැවසූවේ පසුගිය දා,මාර/පල්ලේගම ද්විතීයික පාසලේ පැවැති වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගී වෙමින්ය.

සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති ,කලා මණ්ඩපයේ ගරු සභාපති මහාචාර්ය අාරියරත්න කලුඅාරච්චි මහතා,දෙනියාය අධ්‍යාපන කලාප අධ්‍යක්ෂක තුමිය හා විදුහල්පති එච් ජි දයාරත්න මහතා අවට විද්‍යාලවල ගරු විදුහල්පතිවරුන් අැතුලු සමිභාවනීය අාරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැති උත්සවය සභාව අැමතූ ත්‍යාග ප්‍රදානෝත්සවයේ නිර්මාතෘ පල්ලේගම විජිත හිමියන් ,සෞන්දර්යවාදී ,දෑහිතකාමී දරුපිරිසක් පාසල තුළින් බිහිවනවා දැකීම මාගේ අපේක්ෂාව බව පැවසූහ.

Rate this item
(0 votes)