April 27, 2024

තිස්පස් වතාවක් මෙරටට පැමිණි ජර්මානු යුවළක්

November 28, 2018

තිස්පස් වතාවකටත් වඩා වැඩි වාර ගණනක්  මෙරටට පැමිණි ජර්මානු යුවළක්  කොග්ගල බිච් හෝටලයේ දි  අපට මුණගැසුණි.

මෙකි ජර්මානු යුවළ මෙහි ඇති සුන්දරත්වයට මෙන්ම දකුණුවෙරළ තිරයට  වහ වැටි මෙරටට සැම වර්ෂයකම දෙවතාවක් පැමිණෙති. සති දෙක තුනක් මෙරට රැදිසිටිමින්  දකුණු වෙරළ තිරයේ සුන්දරත්වය විද දරාගන්නා ජර්මානු  යුවළ  මෙරට ආගන්තුක සත්කාරකවලට දැඩි කැමැත්තක් දක්වති. අල්බට් හිල්බෙට් (84) එඩිට්  (80)  යුවළ ජර්මනියේ මෝටර් රථ නිපදවිමේ කම්හලක  හිමිකරුවන් ලෙස  කලක් කටයුතු කරනු ලැබිය.

මේ වනවිට ඔවුන් එම වි්‍යපාර කටයුතු වලින් ඉවත්ව එය තම දු දරුවන්ට පවරා ජිවිතයේ සැදෑ සමය ගෙවමින් පසුවෙති.

මෙකි යුවළ  අපේ රට ගැන මෙන්ම  මෙරට ජනතාව ගැන අප සමග කිවේ මෙවැනි කථාවකි.

98 වර්ෂයේ දි තමයි ලංකාවට පළමුවරට ආවේ. දැනට තිස්පස් වතාවකටත් වඩා අපි දෙදෙනා ලංකාවට ඇවිත් තියෙනවා. සුනාමි ඛේදවාචකයෙන් පසුවත් අපි  මෙරටට ඇවිත්  හික්කඩුව හා අහංගම ප්‍ර දේශවල විපතට පත් අයට නිවාස හදලා දුන්නා.  මේ රටේ  මිනිසුන් හොදයි.දකුණු වෙරල තිරයට  අපි ගොඩක් කැමතියි.  මුල්කාලයේ දි මෙරටට  ඇවිත් සති  තුනක්  විතර හිටියා. දැන් නම්  සති දෙකක් පමණක් තමයි මෙරට රැදි ඉන්නේ. දැන් වියදම වැඩියි. මුල්කාලයේ අපි මෙරටට එනවිට  අපිදෙදෙනාටම වැයවුනේ ඇමරිකානු ඩොලර් මිලියන 500ක් විතර.දැන් එක් අයෙකුට පමණක් ඇමරිකාඩු ඩොලර් මිලියන 500ක් වැය වෙනවා. රටේ දැනට ඇතිවෙලා තියෙන දේශපාලනය ගැන කථා කරන්න  අපි කැමති නැහැ. මන්ත්‍රිවරු පොඩි දරුවන් වගේ තමයි  පාර්ලිමෙන්තුව තුල හැසිරෙන්නේ රුපවාහිණියෙන් අපි එය දක්කා.  විදේශිය සංචාරකයින්ට රටේ දැනට ඇතිවෙලා තියෙන දේශාපාලන වාතාවරණය ගැන  ප්‍රශ්නයක් නැහැ. කොහොමත්  නිවාඩුවට එන  විදේශිය සංචාරකයින් කොහෙමත් මෙරටට එනවා. වයස්ගත අය තමයි මේ ගැන සැලකිලිමත් වෙන්නේ. තරුණ අය නම්  ඔය ප්‍රශ්න ගැන  හිතන්නේ නැහැ. ගුවන්ටිකට්පත්  අරගෙන  ඒ අය එනවා.අපට නම් ලංකාව ආගන්තුක රටක් නෙවෙයි. ලංකාවේ වයස්ගත අය හොදයි. නමුත් ඇතැම් තරුණ පිරිස් අපිව රවට්ටනවා.වෙළද සැලකට බඩුවක් ගන්න ගියොත්  විදේශිකයින්ගෙන් වැඩියෙන් අය කරණවා. ඇතමුන් වංචාකරන්න තමයි හදන්නේ. වෙනත් රටවලත් මේ වගේ දේවල් දක්නට තියෙනවා. කොහොම වුනත් අපි ලංකාවට කැමතියි."

(ලලිත් චාමින්ද)

Rate this item
(0 votes)
Last modified on Wednesday, 28 November 2018 09:44