April 26, 2024

ජනබලය විරෝධතාව අතරතුර මියගිය පුද්ගලයාට අවසන් ගෞරව දක්වන්න ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් එක්වෙති (PHOTOS)

September 10, 2018

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ මගින් ඉකුත් 5 වෙනිදා කොළඹදි සංවිධානය කර තිබු ජන බලයට සහභාගි වි සිටයදි හෘදයාබාධයකින් මියගිය හැටන් කුඩාගම ප්‍රදේශයේ පදිංචිව සිටි ජගත් විමලසුරිය මහතාගේ දේහයට අවසන් ගෞරවය දැක්වීමට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් රැසක් ඔහුගේ නිවසට පැමිණියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන නාමල් රාජපක්ෂ , කුමාර වෙල්ගම , මහින්දානන්ද  අලුත්ගමගේ සහ සී.බි රත්නායක යන මන්ත්‍රිවරුන් මෙසේ ජගත් විමලසුරිය මහතාට අවසන් ගෞරව දැක්විමට පැමිණියේය.

39 හැවිරිදි ජගත්  විමසුරිය මහතා තිදරු පියෙක් වන අතර , ඔහු වෘත්තියේ පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකු වශයෙන් සේවය කරමින් සිටියහ.

ජගත් විමලසුරිය මහතාගේ අවසන් කටයුතු පසුගියදා (08) පස්වරුවේ හැටන් කුඩාගම පොදු සුසාන භුමියට  සිදු කෙරිණි.

(හැටන් රංජිත් රාජපක්ෂ)

Rate this item
(0 votes)