April 27, 2024

උකුස්සාගේ ග්‍රහණයෙන් මිදී අනු නවයෙන් බේරුණු පුංචි මල් කැකුළු

අනුරාධපුර සුචරිතම ප්‍රදේශයට පැමිණි උකුස්සෙකු අවුරුදු 7ක කුඩා දරුවෙකුට පහර දීමෙන් පසු ගම්වාසීන් මැදිහත්ව උකුස්සා අල්ලා වනජීවී නිලධාරීන්ට භාර දී තිබේ.

ඊයේ උදෑසන මෙම දරුවා මිදුලේ සෙල්ලම් කරමින් සිටි අවස්ථාවේ උකුසු ප්‍රහාරයට ලක් විය.

පසුව දරුවාගේ මව සහ අසල්වැසි නිවසේ කාන්තාවක මැදිහත්ව දරුවා බේරා ගෙන රෝහල්ගත කර ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු දැරිය මේ වන විට රෝහලෙන් පිටව ගොස් තිබේ.

ගම්වැසියන් පවසන්නේ, පසුගිය 13 වන දා ගම්මානයට පැමිණි මෙම උකුස්සා වයස අවුරුදු 2ක, 6ක සහ 7ක කුඩා දරුවන් තිදෙනෙක් ද ඩැහැ ගැනීමට උත්සහ කළ බව ය.

පසුව ගම්වාසීහු එක්ව මන්දක් ගසා උකුස්සා අල්ලාගෙන අනුරාධපුර වනජීවී කාර්යාල නිලධාරීන්ට භාර දුන්හ.

වනජීවී නිලධාරීන් පවසන්නේ, සිලුබබර උකුස්සා නමින් හඳුන්වන මෙම සත්ත්වයා හොඳින් වැඩුණු විශාල වර්ගයේ උකුස්සෙකු බවය.

Rate this item
(0 votes)