April 27, 2024

"සුවපති, ජනපති, පොලිස්පති එපා මම ගම්පති" - පොලිස්පති අභිබවා ධීවර ඇමැති ඉදිරියට (VIDEO)

ධීවර හා ග්‍රාමීය කර්මාන්ත අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා මේ දිනවල යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරතව සිටියදී  මුහුදු වෙරළේ ශාරීරික ව්‍යායාමයන්හි නිරත ව සිට තිබේ. පසුව ඒ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා විසින් අමාත්‍යවරයා ශාරීරික ව්‍යායාම සිදුකරන ආකාරය පිළිබඳ වීඩියෝ පටයක් ලබාගැනීම  සිදු කරද්දී   පොලිස්පතිවරයා අභියෝගයට ලක් කරමින් ව්‍යායාමයන්හි නිරත වීමට හැකිදැයි අභියෝග කොට ඇත . 

පසුව අමාත්‍යවරයා අභියෝගය භාරගෙන  පොලිස්පතිවරයා අභියෝගයට ලක් කරමින් ව්‍යායාමයන්හි නිරත ව ජනපති, අගමැති, පොලිස්පති තමන් නොවන බවත් තමන්ට ගම්පතිකම තමාට ප්‍රමාණවත් බව සිනහමුසු මුහුණෙන් ඔහුගේ මාධ්‍ය ලේකම් වරයාට පවසා ව්‍යායාම කටයුතු අවසන් කර තිබිණි.  මාධ්‍ය ලේකම් වරයා  විසින් ලබාගත් වීඩියෝ පටය මාධ්‍ය ලේකම්වරයා විසින් තම හිතවත්   මාධ්‍යවේදීන්ට ලබාදීමට පියවර ගෙන තිබිණි.

එම වීඩියෝව පහතින්,

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

Rate this item
(0 votes)