April 26, 2024

මද වැසි සමග බෝල අයිස් කැට වැටෙයි (PHOTOS)

මුලතිව් නගරය හා ඒ ආශ්‍රිත ප්‍රදේශයට ඊයේ (2) සවස ඇද හැළුණු මද වැසි සමග බෝල අයිස් කැට වැටුණු බව මුලතිව් වැසියෝ කියා සිටිති.

මීට පෙරද මුලතිව් පළාතට වැස්ස සමග අයිස් කැට වැටී ඇතත් බෝල හැඩැති ලස්සන අයිස් බෝල වැටී ඇති පලමු අවස්ථාව මෙය බව  මුලතිව් වැසියෝ පවසති.

වැස්ස සමග ඇද වැටුණු බෝල අයිස් කැට අහුලා ගැනීමට ළමයින් වැස්සද නොතකා මිදුල් වලට පැන ඒවා අහුලා ගත් බව මුලතිව් වැසියෝ කියා සිටිති.

(දිනසේන රතුගමගේ)

Rate this item
(0 votes)