April 27, 2024

අමුතු ඇඳුමක් ඇඳගෙන ගිය සුගන්ධිකාට මහේස්ත්‍රාත්ගෙන් අවවාද

පසුගිය කාලයේ ආන්දෝලනයට ලක්වූ නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මිය මාරවිල අධිකරණයේ නඩු විභාගයකට ගවුමක් උඩින් නීතීඥ ලෝගුව ඇඳගෙන පැමිණිම හේතුවෙන් මහෙස්ත්‍රාත්වරයා විසින් අවවාද කළ සිද්ධියක් වාර්තා වෙනවා. ඊයේ (20) පෙරවරුවේ මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවක් සඳහා ඇය ගවුමක් ඇඳ පැමිණම ගැන මාරවිල නීතිඥ සංගමය විරුද්ධ වෙලා තියෙනවා. ඔවුන් නීතිඥවරිගේ ඇඳුමට විරුද්ධව අධිකරණයට ලිපියක් මඟින් කරුණු වාර්තා කරලා තියෙනවා කියලා තමයි ආරංචිය.

මාරවිල නීතිඥ සංගමයේ සභාපති නීතිඥ ලලිත සරස්චන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මිය දින කීපයක් පිජාමා වර්ගයේ ගවුමක් ඇඳ පැමිණ අධිකරණයට අගෞරවයක් වන අයුරින් කටයුතු කළ බවයි.
මේ පිළිබඳව අධිකරණය දැනුවත් කිරීමෙන් පසු අතිරේක මහෙස්ත්‍රාත් කෙමින්ද පෙරේරා මහතා ඇයගේ ඇඳුම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර තියෙනවා. ‘නීතිඥවරයකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ නීති මාලාවේ හත්වැනි පන්තිය යටතේ අධිකරණයට සුදුසු ආකාරයෙන් පැමිණ නොමැති බව” දන්වලා තියෙනවා.

නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මිය එය පිළිගෙන අධිකරණයට හිස නවා ඊයේ දිනයේ තිබූ අනෙක් නඩුවලටද පෙනී නොසිට අධිකරණයෙන් පිටව ගියා කියලා තමයි ආරංචි වුණේ.

Rate this item
(0 votes)