April 26, 2024

පෙපර්මින්ට් යැයි සිතා අධික ලෙස පැනඩෝල් පෙති කෑ දරුවාට අත්වූ අවාසනාවන්ත ඉරණම

පෙපර්මින්ට් යැයි සිතා අධික ලෙස පැනඩෝල් පෙති කෑ කුඩා පිරිමි දරුවෙකු රෝහල් ගත කිරිමෙන් අනතුරුව අද(06) අලුයම මිය ගොස් ඇති බව මස්කෙලිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ටිරොන් රත්නායක මහතා කිය.

මෙසේ මිය ගොස් ඇත්තේ මස්කෙලිය පොලිස් වසමට අයත් නොටින්හැම් වතු යායේ පදිංචිව සිටි ශ්‍රි මනෝක්‍රිෂ්ණන් මර්දි නැමති අවුරුදු 4 ½ වයසැති පිරිමි දරුවෙකි.

නිවසේ තිබු පැනඩෝල පෙති රැගෙන මෙම දරුවා කමින් සිටියදි එ බැව් දුටු මිය දරුවාගේ මව සහ පියා විසින් දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු එම දරුවා වැඩි දුර ප්‍රතිකාර සදහා නාවලපිටිය මුලික රෝහල වෙත ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදි මෙසේ මිය ගොස් ඇති බවයි මස්කෙලිය පොලිසිය කියා සිටියේ.

මිය ගිය දරුවාගේ පශ්චාත් මරණ පරික්ෂණය නාවලපිටිය මුලික රෝහල සිදු කිරීමට නියමිතය.

(හැටන් රංජිත් රාජපක්ෂ)

Rate this item
(0 votes)