April 26, 2024

පොලිසියේ ගෞරව මැද්දේ කෝරා අවසන් ගමන් යයි - මරණයට හේතුව හෙළිවෙයි (PHOTOS)

හැටන් පොලිස් කොට්ඨාශ සුනඛ අංශයේ වසර 03  වැඩි කාලයක් රාජකාරි කල කෝරා සුනඛයා මිය ගොස් ඇත්තේ පිලිකාවක් හේතුවෙන් බව පශ්චාත් මරණ පරික්ෂණයේදි අනාවරණය වි ඇත.

කෝරා සුනඛයාගේ පශ්චාද් මරණ පරික්ෂණය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය  අංශයේ  වෛද්‍යවරුන් විසින් සිදු කෙරිණ.

කෝරා සුනඛයා හැටන් පොලිස් කොට්ඨාශ සුනඛ අංශයේ වසර 03 ට වැඩි කාලයක් සේවය කරමින් සිටියදි මහනුවර අස්ගිරිය නිල සුනඛ මුලස්තානයේ පුහුණුවක් සදහා කෝරාව රැගෙන ගිය අවස්ථාවේ ඉකුත් 29 වෙනිදා කෝරා සුනඛයා  මිය ගොස් තිබුණි.

කෝරා සුනඛයා හැටන් පොලිස් කොට්ඨාශයේ සිදු වු අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට සහ  ශ්‍රිපාද වන්දනාවේ මත්ද්‍රව්‍ය රැගෙන ආ වන්දනාකරුවන් රැසක් නිතියේ රැහැනට කොටු කර ගැනිමට කෝරා සුනඛයා සමත් විය.

කෝරා සුනඛයාගේ අවසන් කටයුතු හැටන් පොලිස් නිලධාරින්ගේ ගෞරවය මැද්දේ හැටන් පොලිස් අධිකාරි රවින්ද්‍ර අඹේපිටිය ,සහකාර පොලිස් අධිකාරි දසනායක යන මහතුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (31) පස්වරුවේ ආගමික වතාවන් පවත්වා හැටන් පොලිසියේදි සිදු කෙරිණ.

බෙල්ජියම් මැරනුන් වර්ගයට අයත් මෙම කෝරා සුනඛයාගේ වයස අවුරුදු 8 වන අතර, එම සුනඛයා පැලියගොඩ, අම්පාර , මඩකලපුව,බණ්ඩාරවෙල යන ස්ථානවල සහ අවසන් වරට හැටන් පොලිස් කොට්ඨාශයේ රාජකාරිය සිදු කර ඇත.

(හැටන් රංජිත් රාජපක්ෂ)

Rate this item
(0 votes)
Last modified on Friday, 01 June 2018 11:30